Gossip

“කොළඹ ඇවිත් කන්නවත් නැතුව නළුනිළියන් තෝරන ඔඩිෂන්වලට අනන්තවත් ගිහින් ඇති.”

මේ හඳුන්වාදෙන්නේ නවක රංගන ශිල්පියෙක්. ඔහුගේ නම පසිඳු විතානගේ.

ඔහු සංගීතේ ටෙලි සිත්තම හරහා ඔබේ ආලින්දයට එනවා…

මම රංගන ශිල්පියෙක් වෙන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. සාන්‍ය පෙළ කරනකොට අහම්බෙන් වගේ අදහසක් ආවා මට මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න. පුරුද්දක් විදිහට මම චිත්‍රපට නරඹනවා. මටත් කවදා හරි මේ විදියට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් කියලා හිතුණේ ඒ වගේ වෙලාවක. ඒත් මම නළුවෙක් වෙන්න ගොඩක් හීන දැක්කෙ නැහැ. මට විශේෂයෙන් අවශ්‍ය වුණේ මීඩියා ෆීල්ඩ් එකට එන්න. පාසල් අධ්‍යාපනය හමාර කරලා මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න අවස්ථා හෙව්වා. දැන හැඳුනුම්කම මත ඉන්ටර්විව් වලට. ඒත් එකක්වත් හරි ගියේ නැහැ. බැරිම තැන මම කැමරාමන් කෙනෙක් වෙනවා කියලා හිතාගෙන කැමරා කෝස් එකකුත් කළා. ඒකත් අතරමග නවත්වන්න වුණා ආර්ථික ප්‍රශ්න නිසා. ඔය කාලයේ තමයි ජනප්‍රිය රංගන ශිල්පී රුවන් පෙරේරා අයියාව හඳුනාගන්න ලැබුණේ. ඔහු තමයි මට රඟපාන්න අවස්ථාව අරන් දුන්නේ. රුවන් අයියාගේ මගපෙන්වීම යටතේ හා හා පුරා කියලා ටෙලි නිර්මාණයකට එක් වුණා. ඒක “උමතු” කියලා. අන්න එදා හිතා ගත්තා මම කවදා හරි රංගන ශිල්පියෙක් වෙනවා කියල. එදා පටන් බොහෝ වෙහෙස වුණා නළුවෙක් වෙන්න. මගේ ගම අනුරාධපුර.. කොළඹ ඇවිත් කන්නවත් නැතුව නළුනිළි තෝරන ඔඩිෂන්වලට අනන්තවත් ගිහින් ඇති. සද්ධාමංගල සූරියබණ්ඩාර සර් ගාව රංගනය හැදෑරුවා. සංගීතේ ටෙලිය හරහා ගොඩක් අය මාව දැන ගත්තේ.

මම උමතු, ඉව, ආගන්තුකයා, රාවණ ඇතුළු නාට්‍ය ගණනාවක රඟපෑවා.

මේ ආපු ගමනේදී මට මතක් කරන්න කීපදෙනෙක් ඉන්න්වා. මුලින්ම මතක් කරන්න ඕන මගේ අම්මයි අයියායි. ඒ වගේම රුවන් අයියා විශේෂයෙන් මතක් කරන්න ඕන. සද්ධාමංගල සූරියබණ්ඩාර සර්, ප්‍රසන්න මහගමගේ සර්, නන්දසිරි පොඩි හාමුදුරුවන්, චරිත් කොතලාවල අයියා සහ සුරාජ් අයියාත් මතක් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!