Gossip News

කොරෝනා රෝගියකු හමුවිම නිසා ලක්ෂ 47ක පුද්ගලයින් කොරෝනා පරීක්ෂණයට

චීනයේ ශින්ජියාන් ප‍්‍රාන්තයේ කාශ්ගාර් නගරයේ කොරෝනා රෝගියකු හමුවීමෙන් පසු චීන රජය විසින් එම නගරයේ ලක්ෂ 47 ක් වන සමස්ත ජනතාවම කොරෝනා පරීක්ෂණයට භාජන කර තිබේ.

එම ජනතාව අතරින් 138 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගෙන ඇති අතර ඔවුන් කිසිවකු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරති.

චීනය මේ වන විට කොරෝනා පැතිරීම පාලනය කර ඇතත් වරින් වර චීනයේ ඇතැම් ස්ථානවල රෝගීන් හමුවේ. කාශ්ගාර් නගරයේ පාසල් වසා දමා ඇති අතර කොරෝනා ආසාදනය වී නොමැති බවට පරීක්ෂණ වාර්තා ලබා දෙන අයට පමණක් එම නගරයෙන් පිටතට යෑමට ඉඩ දෙනු ලැබේ.

මෙම නගරයේ සිදු කරන ලද අහඹු කොරෝනා පරීක්ෂණයකදී රෝග ලක්ෂණ නොපෙන්වන කාන්තාවක හමුවීමෙන් පසු මෙම සමස්ත නගර වාසීන්ට කොරෝනා පරීක්ෂාව සිදු කරන ලදී.

මෙහිදී දින දෙකක් තුළ ලක්ෂ 28 ක ජනතාවක් කොරෝනා පරීක්ෂාවට ලක්කර ඇති අතර සෙසු පිරිසේ පරීක්ෂණ ඉදිරි දින දෙක තුළ අවසන් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!