Gossip News

කොරෝනා යැයි සැක පුද්ගලයින්ට ඇල්පිටිය රෝහලෙත් වාට්ටුවක්

කොරෝනා බවට සැක සහිත පුද්ගලයින් ඇතුළත් කිරිම සඳහා ඇල්පිටිය රෝහලේද විශේෂිත වාට්ටුවක් සුදානම් කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

කොරෝනා වයිරසය වැළඳුණ රෝගින් ඇතුළත් කර ගන්නා දකුණු පළාතේ  එකම රෝහල කරාපිටිය රෝහල වන අතර දැනට පවතින තත්වය අනුව ඉදිරියේදි රෝගින්ගේ වැඩිවිමක් සිදුවුහොත් කරාපිටිය රෝහලේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවුනහොත් ඒ සඳහා ඇල්පිටිය රෝහලේ වාට්ටුවක් සුදනම් කළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එයට අමතරව බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේද ඉඩ කඩ ප්‍රමාණවත් නොවුනහොත් ඉදිරිදිනවල නිරෝධායනයට යොමු කරන පිරිස් සඳහා දඩල්ල ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් සූදානම් කරමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!