Gossip News

”කොරෝනාවට බෙහෙත් නැති කතාව බොරුවක්. බෙහෙත් තියෙනවා”

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වෛරස් ආසාදනවලට බෙහෙත් නැහැ. එපමණක් නොව දියවැඩියාව, පාකින්සන්, ඇදුම වැනි රෝගවලටත් බෙහෙත් නැහැ. නවීන විද්‍යාව මගින් කියන්නේ මේ රෝග තත්ත්වයන් සුව කිරීමට බැරි අතර පාලනය කිරීම පමණක් කළ හැකි බවයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක‍්‍රමය, චීන සාම්ප‍්‍රදායික වෙදකම, වියට්නාමය, ලා ඕසය, කාම්බෝජය, බුරුමය වැනි රටවල කලාපීය සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රම වලට අනුව ඉහත සඳහන් රෝග සුව කිරීමට පුළුවන්.

එසේ නම් වෛරස් ආසාදන සුව කිරීමට නොහැකියි යන මතය මිථ්‍යාවක්. ඉන්දියාවේ ආයුෂ් අමාත්‍යංශය හෙවත් සාම්ප‍්‍රදායික වෛද්‍ය විද්‍යා අමාත්‍යංශය මගින් කොරෝනා ව සුව කළ හැකි ආයුර්වේද ඖෂධයක් සොයාගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය විසින් මේ වසරේ සැප්තැම්බර් පහළොස්වනදා වාර්තා කර තිබුණා. මෙසේ සොයාගත් බෙහෙත ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ සිටින කොරෝනා රෝගීන්ටත් කොරෝනා ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ පහළ කරන රෝගීන්ටත් ලබාදෙන ලෙස නියම කර තිබුණා.

මේ ඖෂධය ඖෂධ වර්ග හතරකින් සමන්විත කට්ටලයක්. ආයුෂ් හැට හතර නමැති පෙත්ත, සංශාමනි වටී නමැති ගුලිය, අනුටෙල්, අගස්තිය හරිතකී නමැති ඖෂධීය නාමයන්ගෙන් සමන්විත බෙහෙත් වර්ග හතරක් මේ කට්ටලයේ තිබෙනවා. මෙහි පළමුවන ඖෂධ වර්ග දෙකෙන් ඕනෑම උණ රෝගයක් සුව වෙනවා. ඊට අමතරව දෙවැනි ඖෂධය වෛරස් ආසාදනවලට ඉතාම ගුණයි. අනුටෙල් යනුවෙන් හඳුන්වන්නේ තෙල් වර්ගයක්. මෙය නාස් පුඩු තුළට දැමූ විට නාසයේ අවහිරතා මැකී ගොස් උගුරේ සහ ඇස්වල හටගන්නා ආසාදන නැතිවෙනවා. අවසන් ඖෂධය හෙවත් අගස්තිය හරීතකි මගින් සිදු කරන්නේ ස්වසන ආබාධ, ක්ෂය රෝගය සහ ඇදුම සුව කිරීමයි. මේ ඖෂධ මාලාව ඉන්දියාවේ කාන්පූර් නගරයේ රෝහල් හතලිස් හතරක දැනටමත් පාවිච්චි වෙනවා. එසේ නම් කොරෝනාවට බෙහෙත් නැති කතාව බොරුවක්.

කොරෝනාව වැළැක්වීම සඳහා අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගිනුත් ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවා නේද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි – ඔව්. එය ඉතාම සාධනීය තත්ත්වයක්. ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙන්ම තවත් ආයතනයක් කොරෝනා නිවාරණ ඖෂධ දෙකක් නිපදවා තිබෙනවා. ඊට අමතරව කොරෝනාවට කරන ආයුර්වේද මායන ප‍්‍රතිකාරයකුත් තියෙනවා. මේ ප‍්‍රතිකාර නිසි ලෙස කළ හැකි නම් කොරෝනාව පැරදවිය හැකියි.

වසර විස්සකට කිට්ටු කාලයක් දේශීය වෛද්‍යවරියක ලෙස කටයුතු කරන ඔබ කොරෝනා නිවාරණය සඳහා දායක වී තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි – මේ සඳහා ඖෂධීය පානයක් අප විසින් නිපදවනු ලැබ තිබෙනවා. ආයුර්වේද ඖෂධ විශාල ප‍්‍රමාණයක් අඩංගු මෙම පානය කුඩු වර්ගයක් වශයෙන් නිපදවා තිබෙන අතර තේ මෙන් පානය කළ හැකියි. ස්වසන රෝගවලට, සියලූ ආකාරයේ උණට, ශරීරයේ හටගන්නා ආසාත්මිකතාවන්ට මෙම ඖෂධීය පානය ඉතාම ගුණදායකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!