Gossip

කොදෙව් – ශ්‍රී ලංකා තුන්වැනි ටෙස්ට් තරගය අවසන් වුණු හැටි

බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගය ‍බටහිර ඉන්දීය කොදෙව් හි බ්‍රිච්ටවුන් හීදී පැවැත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 204ක් රැස් කළා.

එහිදී ජේසන් හෝල්ඩර් ලකුණු 74ක් ලබාගත් අතර ප්‍රථම ඉනිමේ පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක් දවාගත්තා.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 154ක් පමණි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක් ලබාගත්තේය.

කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 93කට සීමා කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් දවාගත්තා.

144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 02කදී කඩුලු 06ක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේය..

කුසල් පෙරේරා ලකුණු 28 ක් ලබාගත්තේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!