Gossip

කොටහේන වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් එළියට – මාකඳුරේ මධූෂ් යළිත් කොළඹ පාතාල බිය පතුරවයි

කොටහේන හෙට්ටියාවත්ත ප්‍රදේශයේ ඊයේ(09) සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් තුන්දෙනකු බරපතල තුවාල ලැබුවා.

මෙම සිද්ධියෙන් මියගියේ කොටහේන, හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා මිතුරන් තිදෙනකු සමග සිය නිවස ඉදිරිපිට සිටියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මේ ඝාතනය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. බරපතල අපරාධ රැසකට චෝදනා ලැබ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා මේ වෙඩි තැබීම සැලසුම් කර ඇති අතර කොළඹ මැනිං වෙළදපලේ වෙලඳසැලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් වෙඩි තැබීමට හේතු වී තිබෙන බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

මධුෂ් ඩුබායි සිට කෙසෙල්වත්තේ ධනුක නමැති පාතාල නායකයා ලවා මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. මැනිං වෙළදපලේ වෙළදසැල ලබාගැනීම සදහාද මැදිහත් කරුවා ලෙසද මධුෂ් යොදවා ඇත්තේ කෙසෙල්වත්තේ ධනුකයි. මීට දින කිහිපයකට පෙර ඝාතනය වූ පුද්ගලයාගේ නිවසට මල් වඩමක්ද ඒවා තිබු බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ.

බරපතල තුවාල ලැබූ පුද්ගලයින් අවුරුදු 29, 34 සහ 61 වයස්වල පසුවන හෙට්ටියාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර ඔවුන් තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ටාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඇතුළු අංශ විමර්ශන සිදු කරනවා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!