Gossip

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් යළි ක්‍රිකට් පිටියට ?

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට ලබන මාසයේ සිට සිය ක්‍රීඩා සමාජ නියෝජනය කිරීමට අවසර ලබාදී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ ක්‍රීඩකයින් තිදෙනාට නියම කර ඇති දේශීය ක්‍රිකට් තහනම කොන්දේසිවලට යටත්ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එවැනි තීරණයකට නිල වශයෙන් එලඹී නොමැති බවයි.

එහෙත් අදාළ ක්‍රීඩකයින් තිදෙනාට නියම කර ඇති දේශීය ක්‍රිකට් තහනම නැවත සලකාබලන ලෙස ඔවුන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත්කරමින් ඇති බවද එම ප්‍රකාශකයා අප සමග සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට සාකච්ඡා ගණනාවකදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් වාර්තා වී තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඔවුන් තිදෙනා “ඩරම්” නගරයේ වීථියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව ඔවුන් තිදෙනාට මෙලෙස දඩ සහ දේශීය ක්‍රිකට් තහනමක් පැනවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!