Gossip

“කුලිියාපිටියෙන් මළසිරුරක් හමුවෙයි… සිරුර PCR පරීක්ෂණයකට යොමු කරයි” – විශාල පිරිසක් එකතුවීම ගැන පොලිසිය අනතුරු අඟවයි

කුලියාපිටිය කිරින්දව වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් හමු වී ඇති අතර එය වහුමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
එසේ මියගොස් තිබුණේ වහුමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ රංජිත් කමලසිරි නමැති අයෙකි. දේහය හඳුනාගැනීම සඳහා පැමිණ සිටි මරණකරුගේ ඥාතීහු එහිදී පොලිසියට පැවැසූයේ මරණකරු කලක පටන් සුළු මානසික ආබාධයකින් පෙළුණු අයෙකු බවයි.
කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් හා යටිකහ දකුණ කෝරළේ හදිසි මරණ පරීක්ෂක ටී.ජී. කරුණාරත්න ඉදිරියේ සිරුර ගොඩගෙන වැඩිදුර පරීක්ෂණය සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමු කෙරිණි. එහිදී දේහය සම්බන්ධ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමටද නියමිත විය.
සිරුර ගොඩගැනීම නැරඹීමට යායවත්ත, කිරින්දව ආදී ගම්මානවල විශාල පිරිසක් ඒකරාශී වී තිබීම පොලිසියේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. මෙවැනි අවස්ථාවක එසේ පැමිණීමෙන් තමන්ගේ මෙන්ම තම සමීපතයන්ගේ ජීවිත අවදානමේ නොදමන ලෙසද පොලිසිය ඉල්ලීමක් කළේය. කෙසේ වෙතත් සිරුරෙන් ලබාගන්නා සාම්පල පරීක්ෂණ වාර්තාවෙන් අනතුරුව මියගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වුවහොත් එම ස්ථානයේ සිටි බොහෝ පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුවන බවටද පොලිසිය අනතුරු ඇඟවීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!