Gossip

“කුරණ – කටුනායක පොදු සුසාන භූමියෙන් මතුවූ සැමියා” – මළසිරුර ගොඩ ගත් පසු සියලු බොරු හෙළි වෙයි – මීගමුව කැළඹූ සිද්ධිය මෙන්න

මීගමුවේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියකුට පහරදී ඝාතනය කර ඔහුගේ සිරුර කුරණ – කටුනායක පොදු සුසාන භූමියේදී අභිරහස් ලෙස වළලා ඇතැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගය මත මීගමුව වැඩ බලන මහෙස්ත‍්‍රාත් කුරේ මහතා හමුවේ එම සුසාන භූමියේ තිබූ මළ සිරුර ගොඩගැනීම සීදුව පොලිසියේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ 16 වැනිදා සවස සිදු කෙරිණි.
මෙම සිරුර ගොඩගැනීමට හේතුවී ඇත්තේ මීගමුවේ පදිංචි කාන්තාවක් පසුගිය 12 දා සිට තම සැමියා නිවසින් අතුරුදන්ව ඇති බවට මීගමුව පොලිසිය වෙත කළ පැමිණිල්ලකි.
මීගමුව පොලිසියට ඇය පැමිණිලි කර ඇත්තේ දෙදරු පියකු වූ තම සැමියා ඝාතනය කර ඔහුගේ සිරුර කුරණ – කටුනායක බොදු සුසාන භූමියේ අභිරහස් ලෙස වළ දමා ඇති බවය.
පසුව මීගමුව පොලිසිය එම සුසාන භූමිය පිහිටා ඇත්තේ සීදුව පොලිස් වසමේ බැවින් එම පැමිණිල්ල සීදුව පොලිසිය වෙත කරන ලෙස දන්වා ඇත.
ඇය ඒ අනුව සීදුව පොලිසිය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ඒ සමග ප‍්‍රදේශයේ ඇතිවූ මහජන කැළඹීම මත සීදුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම පැමිණිල්ල මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව එම මෘත ශරීරය ගොඩ ගැනීම මීගමුව වැඩ බලන මහෙස්ත‍්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා හමුවේ 16 දා සවස පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ සිදු කෙරිණි. මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඞී. විජේවර්ධන මහතා ඉදිරියේ මෙම කටයුතු සිදුවිණි.
අදාළ මෘත ශරීරය ගොඩට ගත් අවස්ථාවේ එම සිරුර මීට මාස 8 කට පමණ පෙර මියගිය අයකුගේ බව මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම අතුරුදන්වූ බව කියන පුද්ගලයා අතුරුදන්ව ඇත්තේ මෙම සැප්තැම්බර් මස 12 වැනිදාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය විසින් වහා සිදු කළ (ක්ෂණික පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් මෙම කටකතාව ගමටම පතුරුවා ඇත්තේ කුරණ – කටුනායක ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ය.
මොහු 12 දා අතුරුදන්ව සිටි බව කියන පුද්ගලයාගේ බිරිඳ වෙත සොයාගොස් පවසා ඇත්තේ ඇගේ සැමියා මරා දමා අභිරහස් ලෙස කුරණ කටුනායක පොදු සුසාන භූමියේ වළලා දමා ඇති බවත් වහා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙසටත් දන්වා ඇත.
එම ප‍්‍රවෘත්තිය එම ප‍්‍රදේශයේ රා තැබෑරුම් ආදියෙහි සිටින මොහු විසින් කුරණ කටුනායක ප‍්‍රදේශයේ පතුරුවා තිබේ.
පසුව ඉන්ද්‍රජිත් සිල්වා නමැති සැකකරු අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම, මහජන කැළඹීමක් ඇති කිරීම, පොලිසිය නොමග යැවීමේ චෝදනා මත සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි. එම සැකකරු මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට වැඩ බලන මහෙස්ත‍්‍රාත් ගොඞ්පි‍්‍ර කුරේ මහතා නියෝග කළේය.

දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!