Gossip News

කුමරිකුලම වැවෙන් පාවෙන මළසිරුරක් – Photos

මුලතිව්,සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබියදී අද(08) අලුයම සොයාගත් බව මුලතිව් මල්ලාවි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ ඊයේ(07) සවස වැවේ මසුන් ඇල්ලීමට ගිය සෙල්වපුරම්,වවුනිකුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තම්බිරාසා සුරේෂ්වරන් නමැත්තෙකුගේ මළ සිරුර එලෙස සොයාගත් බවයි.

මියගිය පුද්ගලයා පෙදරේරුවෙකු ලෙස සේවය කොට ඇති අතර රාත්‍රි කාලයේ වැවේ මසුන් අල්ලන බව ප්‍රදේශවාසීන් පැවසා තිබෙනවා.
මළ සිරුර ගොඩගෙන මුලතිව් මල්ලාවි රෝහලට ඇතුළත් කොට ඇති අතර, මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පොලිසිය සඳහන් කළා

මරණය ජලය ගිලීමෙන් සිදුවූවක්ද? නැත්නම් වෙනත් කාරණයක් නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලිසිය ‍වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!