Gossip

කුඩු කිලෝ 13ක් සමඟ කොටු වුණු කොස්ගොඩ තාරකගේ නළඟන ගහපු පාතාලයේ ඩබල් ගේම

ඇය සුරූපී තරු­ණි­යකි. ඇයට අපි අයේෂා යැයි කියමු. තිස් එක් වියැති අයේෂා කොළඹ කොල්ලු­පි­ටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලා­වක සේවය කළ නළ­ඟ­නකි. දිනය පසු­ගිය 22දාය.

ඇය සිය හිත­වත් තරු­ණ­යෙකු සමඟ රාජ­ගි­රියේ ඔබේ­සේ­ක­ර­පු­රට එන්නේ යතුරු පැදි­ය­කිනි. ඔබේ­සේ­ක­ර­පුර මංස­න්දියේ යතුරු පැදිය නතර කෙරුණු පසු ඇය යතුරු පැදි­යෙන් බසින්නේ පොලි­තින් මල්ලක්ද අතින් ගෙනය.

ඇය වට පිට බල­න්නට වූවාය. ඇය බලා පොරො­ත්තු­වෙන් සිටි තැනැත්තා ඒ වන විටත් එහි පැමිණ සිටියේ නැත. ඒ වෙනු­වට ඇයව වට කර­ගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් පිරි­සකි.

ඇය අත වූ ගමන් මල්ල පොලිස් පරී­ක්ෂා­වට ලක් විය. එහි වූයේ මත්කුඩු කිලෝ­ග්‍රෑම් දෙකකි.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිල­ධා­රීහු තමන් ලද මූලික තොර­තු­රක් අනුව යමින් නිය­මිත ඉල­ක්කය නිශ්චිත ලෙසම පූර්ණ කර­ගෙන තිබිණි.

මේ මෙහෙ­යුම සැල­සුම් වන්නේ පසු­ගිය දිනෙක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ පොලිස් කොස්තා­පල් මනු­හි­තට සිය පෞද්ග­ලික ඔත්තු­ක­රු­ව­කු­ගෙන් විශ්වා­ස­දායි තොර­තු­රක් අනු­වය.

ඉන් කියැ­වුණේ සුරූපී කාන්තා­වක විසින් රාජ­ගි­රියේ නිවෙ­සක සිට තවත් පුද්ග­ල­යකු සමඟ යතු­රු­පැ­දි­යක නැඟි හෙරො­යින් බෙදා­හැ­රී­මක් සිදු කරන බවයි.

කොස්තා­ප­ල්ව­රයා ඒ තොර­තුර පිළි­බඳ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය බාර නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි බන්දුල සෙන­රත්ව දැනු­වත් කළේය.

නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ උප­දෙස් මත වැට­ලීම් බාර සහ­කාර පොලිස් අධි­කාරි ජගත් රෝහ­ණගේ මෙහෙ­ය­වී­මෙන් උප­පො­ලිස් පරී­ක්ෂක ලය­නල් ඇතුළු කණ්ඩා­ය­මක් ලද තොර­තුර සම්බ­න්ධව පරී­ක්ෂණ ඇර­ඹීය.

පසු­ගිය 22 වැනිදා සවස එම නිල­ධා­රීන් එම කාන්තාව කුඩු කිලෝ දෙකක් සමඟ රාජ­ගි­රිය, ඔබේ­සේ­ක­ර­පු­රට හැරෙන මංස­න්ධි­යේදී අත්අ­ඩං­ගු­වට ගන්නේ තමන් ලද තොර­තුරු තිත­ටම නිවැ­රදි බව තහ­වුරු කර­මිනි.

හොරො­යින් පාර්සල් දෙක සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේ අයේ­ෂාව පම­ණක් නොවේ.

ඇයව එහි රැගෙන පැමිණි යතුරු පැදි­කරු ද පොලී­සිය විසින් අල්ලා ගනු ලබයි.

විසි හතර වියැති ඔහු අලු­ත්කඩේ පැත්තේ පදිංචි මුස්ලිම් ජාති­ක­යෙකි. දෙන්නා යතුරු පැදියේ යන්නේ පෙම්ව­තුන් ලෙසිනි. එහෙත් ඒ අය සැබෑ පෙම්වත්තු නොවෙති. එම තරු­ණයා යොදා­ගෙන තිබුණේ පෙම්ව­තාගේ චරි­තය රඟ­පා­න්න­ටය.

වැඩි­දුර ප්‍රශ්න කිරී­ම්ව­ලදී එම තරු­ණයා මේ ජාලය සම්බ­න්ධව වැට­හී­මක් නැතිව ඊට සම්බන්ධ වූවෙකු බව තහ­වුරු විය. එහෙත් අයේ­ෂා­ගෙන් වැඩි­දුර ප්‍රශ්න කිරීම ඇර­ඹිණි.

තිස් එක් හැවි­රිදි මේ රූමත් කාන්තා­වගේ ගම මාතර ගන්දර ය. ඒ වන විට ඇය පදිං­චිව සිටියේ රාජ­ගි­රිය මංස­න්දියේ පිහිටි තට්ටු ගොඩ­නැ­ගි­ල්ලක සිව් වැනි මහලේ නිව­ස­කය.

එම ගොඩ­නැ­ගිල්ලේ පහ­ළම මහලේ ඇත්තේ මෙරට ප්‍රමු­ඛ­තම ගෘහ උප­ක­රණ අලෙවි සමා­ගම් ජාල­යක ප්‍රද­ර්ශ­නා­ගා­ර­යකි. ඇය එහි ගත කරන්නේ රුපි­යල් 30,000ක මාසික කුලි­ය­ක­ටය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් ඇය සමඟ ඒ නිව­සට යන්නේ නිවසේ තවත් මත්ද්‍රව්‍ය සඟවා තිබේ­දැයි සැක­හැර ගන්න­ටය.

නිවසේ අස්සක් මුල්ලක් නෑර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන්ගේ පරී­ක්ෂා­වට ලක් වන්නට විය.

නිදන කාම­රයේ තිබුණු ගමන් මල්ල­කින් තවත් හොරො­යින් කිලෝ 12කට කිට්ටු ප්‍රමා­ණ­යක් සොයා ගැනෙන්නේ එවි­ටය. ඒ වන විට මේ කාන්තාව සතුව තිබී පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වූ මුළු මත්කුඩු ප්‍රමා­ණය කිලෝ 13 යි ග්‍රෑම් 682ක් විය.

එම හෙරො­යින් තොගයේ වටි­නා­කම කෝටි 15 ඉක්ම­වූ­යේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන්ගේ දැඩි ප්‍රශ්න කිරී­ම්ව­ලට ඇය ලක් වන්නේ ඒත් එක්ක­මය. ඇය එහිදී පව­සන්නේ හෙරො­යින් තොගය කොස්ගොඩ තාර­කගේ බවය.

වෘත්ති­යෙන් සමාජ ශාලා නළ­ඟ­නක වන එම කාන්තාව මේ වන විට කොස්ගොඩ තාර­කගේ පෙම්ව­ති­යක වී සිටි­යාය.

කොළඹ ආය­ත­න­යක ප්‍රමුඛ පෙළේ විධා­යක රැකි­යා­වක් කරන බව පව­ස­මින් ඇය කොල්ලු­පි­ටියේ ජන­ප්‍රිය සමාජ ශාලා­වක නළ­ඟ­නක් ලෙස සේවය කර­මින් සිටි­යාය.

ඇය එම සමාජ ශාලාව තුළ අති­ශය ප්‍රසන්න චරි­ත­යක් වී යැයි කියැ­විණි. පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වන විටත් ඇය එම සමාජ ශාලවේ සේවය කළාය. තාරක ඇයට හමු­වන්නේ මේ සමාජ ශාලාවේ දී ය.

බැංකු කඩ­මින් කොල්ල කමින් රට වටේ කරක් ගැසූ මේ පාත­ලයා කොල්ල කෑ මුදල් විය­දම් කළේ සමාජ ශාලා තුළය. නැති නම් කාන්තා­වන්ගේ යහන් මතය. එසේ යන එන වක­වා­නුවේ සිය ගම් ප්‍රදේ­ශ­යට ආස­න්නයේ සිට කොළඹ පැමිණි මේ තරු­ණිය දැන හඳුනා ගන්නට තාර­කට හැකි විය.

ඇති පමණ මුදල් විය­දම් කරන මේ පුද්ග­ලයා කෙරෙහි ඇය ආශක්ත වූවාය.

ඔහු සතු පාතාල බලය ගැන දැන­ගත් මොහොතේ සිට තමා සමා­ජ­ශාලා නළ­ඟ­නක් ලෙස පෙළන සමාජ පීඩ­න­යෙන් මිදෙ­න්නට ඇය තාර­කව පහු­රක් කර ගත්තාය.

එය ඇයට නොසෑ­හෙන අස්වැ­සි­ල්ලක් විය. අන්ති­මේදී ඔහු අයේෂා සමඟ එකට ජීවත් වව­න්නට තල­ව­තු­ගොඩ පැත්තෙන් සුඛෝ­ප­භෝගී නිව­සක් කුලි­යට ගත්තේය.

ඉකුත් වසරේ ජුනි 24 වෙනිදා මාතර නිලේකා ජුව­ල­රිය කොල්ල­ක­න්නට යන විටත් අයේශා සහ තාරක ජීවත් වූයේ තල­වතු ගොඩය. කොස්ගොඩ තාරක ඇතුළු සග­යන්ගේ නිලේකා කොල්ලයේ ඉල­ක්කය වැරදී ගියේය. කීප දෙනෙක් පොලී­සි­යෙන් වෙඩි කෑවෝය.

ඒ අත­රින් එක් සග­යෙකු මරු­මු­වට පත් වන්නේ මාතර කිරල කැලේදී ය. පොලී­සි­යෙන් බේරී ජීවි­තය ද රැක­ගෙන තාරක මාත­රින් ගාල්ලට පැන­ගත්ත ද නිද­හසේ සිටි­න්නට ඔහුට ඉඩක් නොවීය.

තාරක පොලී­සි­යට කොටු වන්නේ වෙඩි වැදුණු තුවා­ල­ව­ලට ප්‍රති­කාර ගැනී­මට කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත්ව සිටි­ය­දීය. එදා ඔහු ගාල්ල කරා­පි­ටිය රෝහලේ ප්‍රති­කාර ලබන්නේ විශේෂ ආර­ක්ෂා­වක් සහි­ත­වය.

අධි­ක­ර­ණ­යට ඔහුව රැගෙන එන්නේ ද විශේෂ කාර්ය බළ­කායේ සන්නද්ධ ආර­ක්ෂා­වක් සහි­ත­වය.

කොස්ගොඩ තාර­කව වැඩි ආර­ක්ෂා­වට යැයි කියා එදා ගාල්ල බන්ධ­නා­ගා­රයේ සිට රැගෙන යන්නේ අඟු­ණ­කො­ල­පැ­ලැස්ස බන්ධ­නා­ගා­ර­ය­ටය. එහෙත් ඔහු වැඩි කලක් අඟු­ණ­කො­ළ­පැ­ළැස්ස බන්ධ­නා­ගා­රයේ රැදී සිටියේ නැත. අලු­තින් ඉදි වුණු එම බන්ධ­නා­ගා­රයේ සිර­ක­රු­වන්ට සුපිරි පහ­සු­කම් කොතෙ­කුත් තිබු­ණත් ඒ අයට ජංගම දුර­ක­තන භාවිතා කර­න්නට තිබුණේ අඩු ඉඩකි.

ඒ නිසාම ඔහු දන්නා සිය­ලුම ශිල්ප යොදා පැන ගන්නේ වැලි­කඩ බන්ධ­නා­ගා­ර­ය­ටය.

බන්ධ­නා­ගා­ර­ග­තවූ පසුව අයේෂා නිතර දෙවෙලේ තාරක හමු වීමට බන්ධ­නා­ගා­ර­යට ගියාය.

එසේම තාර­කගේ විවා­හක බිරි­යගේ කුඩා දරුවා ගැන ද ඇය සොයා බැලු­වාය. වැලි­කඩ පැමිණි තාරක ඇය සමඟ නිත­රම වීඩියෝ කෝල් ඔස්සේ කතා­බස් කර තිබූ ආකා­රය දුර­ක­ත­නය පරී­ක්ෂාවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රිහු අනා­ව­ර­ණය කර­ගත්හ.

ඔහු වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිට උප­රිම නිද­හ­ස­කින් යුතුව දුර­ක­තන භාවිත කර තිබිණි.

දුර­ක­ත­නය නිද­හසේ භාවිත කර­මින් මහා පරි­මාණ මත්කුඩු ජාව­රම් කරු­වෙකු ලෙස තාරක කර­ළි­යට පැමි­ණෙන්නේ වැලි­ක­ඩ­දීය.

වැලි­කඩ සිට ඩුබායි හි මේ වන විට රැඳී සිටින මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සමග ඔහු සම්බ­න්ධ­කම් ගොඩ නඟා ගත්තේය. කිලෝ එකින් දෙකින් වැඩ පට­න්ගත් ඔහු වැඩි කල් යන්නට මත්තෙන් බෙදා හරි­න්නට ගන්නේ මත්කුඩු කිලෝ විස්ස තිහේ තොගය. එම මත්කුඩු ඔහු බෙදා හැරියේ සිය පෙම්ව­තිය හර­හාය.

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිට තාරක ජංගම දුර­ක­ත­න­යෙන් ලබා­දෙන උප­දෙ­ස්ව­ලට අනුව ඇය හෙරො­යින් බෙහැ­රියේ අලු­ත්කඩේ ගෝලයා සම­ඟිනි.

ඒ ගැන වැඩි­දුර තොර­තුරු ඔහුගේ පෙම්ව­තිය වූ අයේෂා දිගින් දිගට හෙළි කළාය.

“ ගෙදර යතුර තියලා එළි­යට යන්න කියලා තාරක හිටපු ගමන් කතා කරලා කිය­නවා.

ඒ එක්ම මං පිට­වෙ­නවා. පිරි­සක් ඇවිත් කිලෝ දහය පහ­ළොව හෙරො­යින් තොග තියලා යනවා. ඒ එන්නෙ කවුද කියලා මම කව­දා­වත් දැකලා නෑ. ඒ මිනිස්සු ගිය ගමන් මට කිය­නවා බඩු ගන්න කියලා.

ඊට පස්සෙ තාරක කියන තැන්ව­ලට කියන ප්‍රමා­ණ­ව­ලින් බඩු ගෙනි­යන්නෙ මම. එයා මේ හැම දේම කරන්නෙ වැලි­කඩ ඉඳන්.”

අයේෂා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට ඇය කොටු­වන්නේ ද තාර­ක­ගෙන් ලද ඇම­තු­ම­කට අනුව හෙරො­යින් කිලෝ දෙකක් ඔබේ­සේ­කර හංදි­යට පැමි­ණෙන බව කියූ පුද්ග­ල­යෙ­කුට ලබා­දෙ­න්නට ගොසිනි.

බෙදා හැරීම සඳහා හෙරො­යින් කිලෝ 25ක්ම ඇය අතට පත්ව තිබුණේ සති දෙක තුන­කට පෙරය.

ඒ ගාල්ලේ­දීය. ගමන් මල්ලක බහා තිබුණු එම හොරො­යින් තොගය ඇය ගාල්ලේ සිටි රාජ­ගි­රි­යට රැගෙන එන්නේ කුළි­යට ගත් සුඛෝ­ප­භෝගී මෝටර් රථ­ය­කිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් ඇයව අත්අ­ඩං­ගු­වට ගන්නා විටත් ඇය විසින් එම හෙරො­යි­න්ව­ලින් කිලෝ 12කට ආසන්න ප්‍රමා­ණ­යක් බෙදා හැර තිබු­ණේය.

එම හෙරො­යින් වලින් වැඩි කොට­සක් බෙදා හැර තිබුණේ කිරි­පිටි පැකට් තුළ දමාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ විම­ර්ශන තොර­තු­රු­ව­ලට අනුව තාරක බන්ධ­නා­ගා­රයේ සිට මත්ද්‍රව්‍ය ජාවා­ර­මට අත තබා ඇත්තේ සිරාම් බාසික් සමග එක්වය. සිරාම් බාසික් දැන් සිටින්නේ ඩුබායි වලය.

දෙහි­වල පැත්තේ පදිං­චි­ක­රු­වෙක් වන සිරාම් බාසික් මත්කුඩු ජාවා­ර­මට අත­පොත් තබන්නේ වෙලේ සුදා­ගෙනි. මෙම වසරේ මුල සහ පසු­ගිය වසරේ අග දී පොලිස් විශේෂ කාර්ය බල­කාය විසින් කොළඹ සහ ඒ අව­ටින් අල්ලා­ගත් කිලෝ සිය ගණින් වූ මත්කුඩු තොගත් සමග කියැ­වුණු නමක් වූයේ සිරාම් බාසික්ය.

කොල්ලු­පි­ටියේ සුපිරි සාප්පු සංකී­ර්ණ­යක රථ ගාල­කින් සොයා ගත් හෙරො­යින් කිලෝ 294ට ද සිරාම් බාසික්ගේ නම ගෑවී තිබු­ණේය. මෙරට ඉති­හා­සයේ එක තැනක දී අල්ලා­ගත් විශා­ල­තම හෙරො­යින් තොගය ලෙස වාර්තා පොත් අතර තව­මත් ලියැවී ඇත්තේ ද එම හොරො­යින් තොග­යයි.

තතු දත් තොර­තුරු හෙළි­ක­රන ආකා­ර­යට අනුව සිරාම් බාසික්ගේ දැන් ලොක්කා වන්නේ ඇන්තනී මොරිල් නොහොත් කිරු­ල­පොන මොරිල්ය. අන්නාසි මොරිල් යැයි කියන්නේ ද ඔහු­ටය.

මාක­ඳුරේ මධුෂ්ව ඩුබායි පොලී­සි­යට කොටු­කර දෙන්නේ ද ඔහුය. ඒ ඩුබායි පොලී­සිය සමග ඔහුට ඇති සම්බ­න්ධ­කම් යොදා ගනි­මිනි. මත්කුඩු ජාවා­රමේ මධුෂ්ගේ කොටස දැන් හිමි­ක­ර­ගෙන සිටින්නේ මොරිල්ය.

මෑත­කදී නාවික හමු­දාව විසින් දකුණු මුහුදේ දී අල්ලා­ගන්නා හෙරො­යින් කිලෝ 200 ද මොරිල්ගේ බඩුය.

කොස්ගොඩ තාර­කගේ ප්‍රධා­නම හතුරා කොස්ගොඩ සුජීය. කලක් මිතු­රන් වූ මේ දෙපළ දැන් එකි­නෙකා මරා ගැනීමේ මෙහෙ­යු­මක නිර­තව සිටි­න්නේය.

නිලේකා කොල්ල­යේදී කොටු වූ තාරක බන්ධ­න­ගා­රය වෙත රැගෙන යෑමේ­දීත්, බන්ධ­නා­ගා­රය තුළ­දීත්, අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට යෑමේ­දීත් අති­ශය දැඩි ආර­ක්ෂා­වක් ලබා දෙන්නේ කොස්ගොඩ සුජීගේ කල්ලි­යෙන් සිදු­විය හැකි මාරක ප්‍රහා­රය වලක්වා ගැනීම සඳ­හාය. එහෙත් නිලේකා කොල්ල­යෙන් බන්ධ­නා­ගාර ගතවූ පසු කොස්ගොඩ තාර­කගේ පෙම්වත් නල­ඟන කොස්ගොඩ සුජී සම­ගත් සම්බ­න්ධ­යක් ගොඩ නගා­ගෙන සිටි ආකා­රය පොලිස් ප්‍රශ්න කිරී­ම්වල දී හෙළි විය.

එම හෙළි­ද­රව්ව සිදු­වන්නේ මේ කාන්තා­වගේ දුර­ක­ත­නය පරී­ක්ෂාවේ දී ය.

එහි දී ඇයට ඩුබායි රටේ සිට නිර­න්තර දුර­ක­ථන ඇම­තුම් ලැබෙන අංක­යක් පිළි­බඳ පොලිස් අව­ධා­නය යොමු විය. ඒ ගැන ඇය­ගෙන් දිගින් දිග­ටම විම­සීමේ දී තාර­කගේ ජන්මා­න්තර වෛර­ක්කා­රයා වන දැනට ඩුබායි රටට පැන­ගොස් සිටින මෙරට ආර­ක්ෂක අංශ­ව­ලට මෙන්ම අන්ත­ර්ජා­තික පොලි­සි­යට ද අත්‍ය­ව­ශ්‍යම අප­රා­ධ­කා­ර­යෙක් වන ජග­මුණි සුජී­වද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී සමඟ ඇයට තිබූ සම්බ­න්ධය හෙළි විය.

එම සබ­ඳ­තාව ගැන තොර­තුරු හෙළි වීමෙන් විම­ර්ශන නිල­ධා­රිහු ද තුෂ්ණි­ම්භූත වූහ.

පසු­ගි­යදා සුජී විසින් තාර­කව රැගෙන යන බන්ධ­නා­ගාර බස්ර­ථ­යට පහර දී ඝාත­නය කිරීම සඳහා නවීන පන්නයේ අවි­ආ­යුධ තොග­යක් ද ඉන්දි­යාවේ සිට බෝට්ටු­වක දමා මෙර­ටට එවා තිබූ බවට ආර­ක්ෂක අංශ විසින් අනා­ව­ර­ණය කර­ගෙන තිබිණි.

එසේම සුජීගේ ප්‍රබ­ලම ආධා­ර­ක­රු­වා­වන පසු­ගිය කාලයේ ඩුබායි රටට පැන ගොස් සිටි ඌර­ගහ මයි­කල්ද මෑතක දී මෙර­ටට පැමිණ ඇති බවට ද අනා­ව­ර­ණය වූයේය. ඔහු පැමිණ ඇත්තේද තාරක ඝාත­නය කිරීමේ සැලැ­සුම ක්‍රියා­ත්මක කිරී­මට බවට ද සැල විය.

එසේ තාරක සහ සුජී අතර ද්වන්ධ සට­නක් පව­තිද්දී තාර­කගේ අනි­යම් බිරිය වන රසාංගි සමඟ සුජී ද ප්‍රේම සබ­ඳ­තා­වක් හා සමාන සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ගොස් තිබුණේ ඇයට අවශ්‍ය මුදල් අත­දි­ග­හැර විය­දම් කර­මිනි. සුජී විසින් රසාං­ගිගේ දුර­ක­ථන අංකය සොයා­ගෙන එම සබ­ඳ­තාව ඇති­ක­ර­ගෙන තිබු­ණේය.

තාරක අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසු ඇතිවූ එම සබ­ඳ­තාව ගැන තාරක කිසි­වක්ම නොදන්නා බව ඇය මත්ද්‍රව්‍ය නාශක නිල­ධා­රින්ට හෙළි­කර තිබු­ණාය.

කල­කට පෙර අයේෂා බොරැල්ල ප්‍රදේ­ශයේ සමාජ ශාලා­වක් පව­ත්වා­ගෙන ගියාය.

එහෙත් දිගින් දිග­ටම පාඩු ලැබීම නිසා එම සමාජ ශාලාව වසා දැමිණි. අයේ­ෂාට මෙම සමාජ ශාලාව පව­ත්වා­ගෙන යෑමට මුදල් දී ඇත්තේ ද සුජි බවත් ඇය හරහා තාර­කව විනාශ කිරී­මට ද සුජී සැලැ­සුම් කර ඇති බවත් ඇය හෙළි කළාය. “පසු­ගිය කාලේ සුජී මාත් එක්ක නිත­රම කතා කර­නවා…

හැබැයි ඒ කිසිම දෙයක් තාරක දැන­ගෙන හිටියෙ නැහැ. මගෙන් ඇහැව්වා තාර­කට මොන­ව­හරි කරන්න පුළු­වන්ද කියලා… ඒත් මං ඒ කිසි දේකට උත්ත­ර­යක් දුන්නෙ නැහැ…”

එහෙත් සුජී විසින් තාර­කට හොර රහ­සේම ඇය සමඟ සබ­ඳ­තා­වක් පව­ත්වා­ගෙන ඇත්තේ තාර­කව විනාශ කිරී­මට බව මේ වන විට හොඳ­ටම පැහැ­දි­ලිව තිබේ. යම් හෙය­කින් අයේෂා අත්අ­ඩං­ගු­වට පත්නො­වූ­වා­නම් අනි­වා­ර්ය­යෙන්ම ඇයගේ සහ සුජීගේ කුම­න්ත්‍ර­ණය හරහා තාර­කගේ ජීවි­ත­යට කෙළ­වර වන්නට ඉඩ තිබිණි.

සුජීගේ සැලැ­සුම වී ඇත්තේ නිත­රම තාරක බැලී­මට බන්ධ­නා­ගා­ර­යට යන රසාංගි රැගෙන යන කෑම­කට වස­වි­සක් හෝ දමා තාරක ඝාත­නය කිරී­මය.

මේ පාත­ලයේ හැටිය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින් කළ මෙහෙ­යු­මෙන් හෙළි­වන්නේ මත්ද්‍රව්‍ය ජාවා­රමේ මෙන්ම පාතාල ලෝකයේ ගැටු­මක තවත් පැති­ක­ඩක්ය. මේ ගැටු­ම්වල කාමය, රාගය මුදල් හා බලය මිස මනු­ෂ්‍ය­ත්වයේ කිසිම හැඟී­මක් ගැබ් වී නැත. අනෙක් පැත්තෙන් රටේ නීතියේ හැටිත් මේ මෙහෙ­යුම හෙළි කර­න්නේය. අඟු­ණ­කො­ළ­පැ­ලැස්සේ දී නැති දුර­ක­ථන පහ­සු­කම් පාතා­ල­යන්ට වැලි­කඩ දී ලැබෙ­න්නේත්, ඒ දුර­ක­ථන ඔස්සේ කෝටි ගණ­නින් මත්ද්‍රව්‍ය ජාවා­රම කර­ගෙන යන්නට අප­රාධ කාර­යන්ට හැකි වන්නේත් රටේ නීතිය හා ජාතියේ හද­ගැස්ම පිළි­බඳ අල්ප මාත්‍ර තැකී­මක් නැති මුද­ලට, සුරා­වට හා ස්ත්‍රීන්ට ලොල් පව්කා­ර­යන් නිසාය.

සම­ස්ථය වෙනස් විය යුතු බව මේ රටේ සිවිල් මිනි­සුන් කල්පනා කරන්නේ මේ පීඩාව නිර­න්තර අත්ද­කින බැවිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!