Gossip News

කිංග්ස්බරි බෝම්බකරුගේ සිරුර බොරැල්ල සුසාන භූමියේ මිහිදන් කරන්න අධිකරණ නියෝගයක්

කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට නියෝග කර තිබේ.

අදාළ ප්‍රහාරකයාගේ මෘත ශරීරයභාර ගැනීමට ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

එම දේහය තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට භාරදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබේ.

ඒ අනුව එම දේහය බොරැල්ල පොදුසුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරුසදහන් කළේ.

එමෙන්ම අදාළ කටයුතු පිළිබඳ නිසි වාර්තාවක් බොරැල්ල කොට්ඨාශ භාර ග්‍රාම නිලධාරීවරයා විසින් අධිකණය වෙත ඉදිරිපත් කරන ලෙස ග්‍රාම නිලධාරීවරයාට ද එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බව සඳහන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!