Gossip

කැළණි ගඟට බිලිවී ජීවිත ගමනට සමුදුන් තරුණිය

කැළණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 24 තරුණියක් දියේ ගිලී ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසනවා.

මහනුවර ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා පවුලේ සමාජිකයන් සමඟ පැමිණ මෙම තරුණිය ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී තරුණිය ගඟේ ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වී ගසා ගෙන ගිය තරුණිය සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම තරුණයගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැළණි ගඟේ තිබියදී සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල, තැලිගම රෝහල වෙත යොමු කර තිබෙනවා.

ජිවිතක්ෂයට පත් තරුණිය දියනෑම සිදු කළ ස්ථානය දියනෑම අවදානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා සඳහන් කළා.

අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!