Gossip

කැනේඩියානු ජාතිකයා මිනිසුන් 08 දෙනෙක් ඝාතනය කරලා – 08 වන බිල්ල ශ්‍රී ලාංකිකයෙක්

බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතික ඝාතකයෙකු විසින් තමන්ගේ 8 වෙනි ඝාතනය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් කර තිබෙනවා.

කැනඩා පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ අවුරුදු 66 ක් පමණ වයසැති ඔහු විසින් කිරුෂ්නා කුමාර් කනගරත්නම් නමැති වයස අවුරුදු 37ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක් කර ඇති බවයි.

කනගරත්නම් නැමැති පුද්ගලයා 2015 සැප්තැම්බර් 3 සහ දෙසැම්බර් 14 අතර කාලයකදී මිය ගිය බව පොලීසිය විශ්වාස කරනවා.

2010 දී කැනඩාවට පැමිණි ඔහු ටොරොන්ටෝ ප්‍රදේශයේ ජීවත් විය.

මාර්තු මාසයේ දී, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී මෙම ඝාතක සැකකරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතියේ අවසන් වරට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ සාර්ථක ලෙස සැකකරු හඳුනාගෙන ඇති බවයි.

ටොරොන්ටෝ පොලිස් පරීක්ෂක හැන්ක් ඉඩ්සින්ගා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන කනගරත්නම්ගේ පවුලට ඔහුගේ මරණය පිළිබඳ සති අන්තයේදී දැනුම් දුන් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!