Gossip News

කාන්තාවන් දෙන්නයි රියදුරයි මරණයට පත්වෙලා. දෙදෙනෙකුට බරපතලයි..

වෑන් රථයක් සහ ටිපර් රථයක් එකට ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනා සහ රියදුරා මරණයට පත්වෙලා තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ රාත්‍රී 10 පමණ හබරණ – දඹුලු මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේ දී සිදුවී තිබෙන බවට වාර්තා වෙනවා.

අනතුරෙන් මියගිහින් තියෙන්නේ පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසිය පවසනවා.

එම අනතුරෙන් තවත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් බරපතළ ලෙස තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර පසුව මහනුවර රෝහලට මාරුකර තිබෙනවා.

වෑන් රථයේ රියදුරාගේ සහ ටිපර් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී ධාවනය නිසා මේ අනතුර සිදුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බවත් පොලීසිය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!