Gossip

කාගෙත් කතාබහට ලක්වූ ශලිනි තාරකාගේ ඇස්වලට ආයෙත් කඳුළු එයි

ශලනි තාරකා කියන්නේ ගේය පද රචිකාවියක් නෙමෙයි. නමුත් ඇය ගේය පද රචනයට දක්ෂයි. ජීවිතයේ මුණගැහෙන දුක සතුට එක්ක ඇය ගීත ලිවීම මානසික සහනයක් බවට පත්කර ගන්නවා. එහෙම ලියවුණ ගීතයක් නිරෝෂා විරාජනියගේ හඬින් ඔයාලට මීට කලින් අහන්න ලැබුණා.

දැන් මේ කියන්න හදන්නේ ශලනිගේ දෙවැනි ගීතය ගැන. මේ ගීතයත් අතිශය ආදර ගීතයක්. “ඔබ මා හමුවුණ දිනයේ” කියලා තමයි ගීතය නම් කරලා තියෙන්නේ. මේ ගීතයට සංගීතය නිර්මාණය කරන්නේ පසන් ලියනගේ. ගායනා කරන්නේ තාරක ගුණරත්න.

ශලනි මේ ගීතය යූටියුබ් අප්ලෝඩ් කරලා පැය කීපයක් ගතවෙද්දිම ඉතාම හොඳ ප්‍රතිචාර ගලාගෙන එන්න පටන්ගෙන. ඉතිං ඒක නිර්මාණකරුවකුට දැනෙන විශාල සතුටක්. ඒ සතුට කොයිතරම් ද කියනවා නම් මේ ප්‍රතිචාර කියවලා ශලනිගේ ඇස්වල කඳුළු. ශලනි තමන්ට ලැබුණ රසික ප්‍රතිචාර කීපයක් එක්ක ෆේස්බුක් පේජ් එකට පොඩි සටහනකුත් එකතු කරනවා. ඒ සටහන අපි උපුටා දක්වන්නේ ඇයට වගේම ඇගේ රසික රසිකාවියන්ටත් කරන ගෞරවයක් විදියට.

“නිර්මාණයක් රසිකයින් අතට පත්කලාට පසුව ලැබෙන ලොකුම දේ මුදල් නෙමේ රසික ප්‍රතිචාර.. අද උදේ ඉදලා ඇස්වල කදුළු.. ඒ ඔයාලගේ ප්‍රතිචාර කියවලා.. තාම පැය 15යි.. ඒත් ගලාගෙන එන ප්‍රතිචාර එමටයි..
මේ ගීතයට වචන ගලපද්දි කවදාවත් හිතුවේ නෑ.. ඔයාලගේ හිත මේ තරම් එක තැනක නතර කරන්න පුලුවන් වෙයි කියලා.. “මා ඔබ හමුවන දිනයේ” මෙතරම් සාර්ථක කරගන්නට දායකවුනු පසන්ටත් තාරකටත් ඒවගේම මේ කණ්ඩායමටත් ගොඩාක් ස්තූතියි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!