Gossip

ක්‍රෙඩිට්‌ කාඩ්පතක්‌ ඡායාරූපගත කර ඔන්ලයින් හරහා රයිස්‌ කෑ පොම්පකරු

අන් අයකුගේ ක්‍රෙඩිට්‌ කාඩ්පතක්‌ ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කර එම කාඩ්පතේ අඩංගු තොරතුරු ලබාදී ඔන්ලයින් මගින් මුදල් ගෙවා මොංගෝලියන් රයිස්‌ ගෙන්වාගෙන කෑ ඉන්ධන පිරවුම්හල් පොම්පකරුවකු මීගමුව පොලිසිය මගින් 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවකු ලෙස සේවය කරන සැකකරු 20 වැනි වියේ පසුවන මීගමුවේම පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

වාහනයකට ඉන්ධන ලබාගෙන ඇති වාහන හිමිකරු ඒ සඳහා මුදල් ගෙවීම ක්‍රෙඩිට්‌ කාඩ් එක මගින් සිදුකර තිබේ. ක්‍රෙඩිට්‌ කාඩ්පත් හිමිකරු සන්තකයේ තිබියදී එම ක්‍රෙඩිට්‌ කාඩ්පත භාවිත කළ බවට හිමිකරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්‌ පැමිණ ඇත. ක්‍රෙඩිට්‌ කාඩ්පත් හිමිකරුට මතු වූ සැකය මත ඉන්ධන ලබාගත් ඉන්ධන පිරවුම්හලට ගොස්‌ එහි ඇති ආරක්‍ෂක කැමරා පද්ධතිය පරීක්‍ෂා කිරීමේදී පොම්පකරු එම ක්‍රෙඩිට්‌ කාඩ්පතේ දෙපැත්තම ඡායාරූපගත කර ගන්නා අයුරු නිරීක්‍ෂණය වීමෙන් අනතුරුව මීගමුව පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඔන්ලයින් ක්‍රමයට මීගමුව ප්‍රදේශයේ අවන්හලකින් මොංගෝලියන් රයිස්‌ ඇතුළු ආහාර ගෙන්වාගෙන ඇති බවට පසුව අනාවරණය වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!