Gossip

ක්‍රිකට් හදන්න ආපු චන්දික හතුරුසිංහටත් වැඩ වරදී – දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ හතුරුසිංහට ටෙස්ට් තරඟ තහනමක්

දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ශාන්ත ලුසියා හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පැය දෙකකට ආසන්න කාලයක් පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වුණා.

එදින තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ ස්භාවය වෙනස් කළ බවට තරග තීරක ජවගල් ශ්‍රීනාත් විසින් චෝදනා එල්ල කිරීමත් සමඟ මෙම මත භේදාත්මක තත්ත්වය හට ගත් අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීම ප්‍රමාද කළේය.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට අයි.සී.සිය විසින් එක් ටෙස්ට් තරගයක තහනමක් පැනවිමට තීරණය කළ අතර කණ්ඩායම පිටියට පිවිසීම ප්‍රමාද කිරීම හේතුවෙන් චන්දිමාල් ඇතුළු චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහට අයි.සී.සීය විසින් චෝදනා ගොනු කරනු ලැබුවේය.

කෙසේ වෙතත් අයි.සී.සීය විසින් එල්ල කළ එම චෝදනා මොවුන් තිදෙනා පිළිගත් අතර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කළ නීති නිලධාරී මයිකල් බිලෝෆ් විසින් එම පරීක්ෂණය ඊයේ සිදු කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!