Gossip

කළින් නායකයා ප්‍රභාකරන්.. දැන් නායකයා කර්නල් රත්නප්‍රිය – අවියකට අත නොතබා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කළ කර්නල් වෙනුවෙන් හදවත් නතරවුණු හැටි

යාපනය කිලිනොච්චි මුලතිව් අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කිළිනොච්චිය ඉරණමඩු සිවිල් ආරක්ෂක බළකා ප්‍රධාන මූලස්ථානයේ සිට අඹේපුස්ස යුධ හමුදා කඳවුරට ස්ථාන මාරු ලැබ පිටත්ව යන මොහොතේ පුණරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් හැඬූ කඳුළින් සමුදීමේ සංවේදී අවස්ථාවක් ඊයේ 10 දින දැක ගැනීමට හැකිවුණා.
කිලිනොච්චිය විශ්වමඩුහි පිහිටි ප්‍රධාන මූලස්ථානයට ප්‍රදේශවාසීන් මෙන්ම අති විශාල ජනතාවක් පැමිණ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා බදාගෙන හඬා වැටෙන ආකාරයත් කිහිපදෙනෙකු ක්ලාන්තය දා වැටෙන ආකාරයත් දැක ගැනීමට හැකියාව ලැබුණා.
කර්නල් රත්නප්‍රිය බන්දු මහතා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ ‍ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරක් හොබවමින් ඔහුට බාර වූයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ ක්‍රියාවලියයි.
3500කට අධික පිරිසක් කිසිදු අවියක් අත නොතබා පුනරුත්ථාපනය කොට ඔවුන්ගේ ජීවන මඟ සවි කිරීමට ඔහුට හැකියාව ලැබිණි. ඒ අනුව වසර පහමාරක කාලයක් මෙම ජනතාව සමඟ එකට ගැටී දිස්ත්‍රික්ක තුනේම ජනතාව සමඟ විවිධ ස්වේච්ඡා සංවිධාන ආරම්භ කරමින් ප්‍රදේශයේ ජනතාවගේ ගැලවුම්කාරයා බවට ඔහු පත්ව තිබෙනවා..
විශ්වමඩු ප්‍රධාන කාර්යාලයට පැමිණි ඔව්හු දැඩි ලෙස හඬා වැටීමෙන් පසු රත්නප්‍රිය බන්දු මහතා එම ස්ථානයෙන් පිටත් වෙද්දී කිලිනොච්චිය නගර මධ්‍යයේ තවත් සුවිශේෂී වූ උත්සවයක් සංවිධානය කර තිබිණි.
එනම් විශාල කාන්තාවන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව මගදිගට ඔහුට මල්මාලා පරදවමින් උපහාර දක්වමින් නැටුම් ගැයුම් ආදී වලින් උත්සවයක් සංවිධානය කර තිබිණි.
පසුව පුටුවක් මත වාඩි කර වූ මෙම යුද හමුදා නිලධාරියා මෙම දමිළ ජනතාවගේ කරමතින් තබාගෙන කිලිනොච්චි නගර මධ්‍යයට ගෙන් වීමද විශේෂත්වයකි. පසුව එම ස්ථානයේදී මෝටර් රථයට නැග රත්නප්‍රිය මහතාට පිටව යන්නට නොදී කාන්තාව හඬා වැටුණා.
රත්නප්‍රිය බන්දු මහතා දිවා ආහාරය ලබාගැනීම සඳහා ප්‍රදේශයේ හෝටලයකට ගොස් ආහාර ගනිමින් සිටියදී තවත් කණ්ඩායමක් එක වරම එම ස්ථානයට පැමිණ ඔහුට නොයන ලෙස ඉල්ලමින් හඬාවැටෙන්නට වීමද විශේෂත්වයකි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ බොහෝ දෙනා කියා සිටියේ පෙර තමන්ගේ නායකයා බවට පත්වූයේ ප්‍රභාකරන් බවය එහෙත් මේ වන විට ඒ සියල්ල අතහැර දමා තමන්ගේ නායකයා ලෙස හඳුනාගෙන තිබෙන්නේ ආදරය කරන්නේ කර්නල් රත්නප්‍රිය බන්දුට බව ඔවුහු හඬා වැටෙමින් කියන්නට වුණා.
ඒ මහතා මෙම ප්‍රදේශයට ලබාදෙන්නැයි ඔවුහු කෑකෝ ගසමින් කියන්නට වීම විශේෂත්වයක්.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!