Gossip

කසාද බඳින්නම් කියා සිසුවියෙක් රැගෙන ගොස් නිවසක රඳවාගෙන සිටි විවාහකයා

අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවියක් විවාහකර ගන්නා බව පවසා රවටාගෙන ගොස් පෞද්ගලික නිවසක රඳවා ගෙන සිටි විවාහක පුද්ගලයකු ඉකුත් 18 වැනිදා රදාවාන ප‍්‍රදේශයේදී දොම්පෙ පොලිස් නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දොම්පෙ පොලිස් වසමේ පුටුපාගල ප‍්‍රදේශයේ බේකරියක සේවය කළ බදුල්ල, පස්සර පදිංචි 35 වියැති එක් දරු පියෙකි.

සැකකාර පුද්ගලයා තම ජංගම දුරකථනයෙන් පාසල් සිසුවිය සමග සුහදතාවය ගොඩනඟා ගෙන ඇති අතර පසුව එය දිනපතා හමුවීමේ ක‍්‍රියාවලියක් බවට පත්කර ගෙන ඇත.

ඒ අනුව ඉකුත් දිනක ඔහු මෙම සිසුවිය දෙමාපියන්ට නොදන්වා රවටා ගෙන ගොස් කිරිඳිවැල රදාවාන ප‍්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිට ඇත. මේ පිළිබඳ ඇගේ දෙමාපියන් විසින් දොම්පෙ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්තඩංගුවට ගෙන තිබේ. සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා

ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු 18 වැනිදා පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!