Gossip

කපුකම් කළේ දුකා අයියා -අපි දෙන්නා දෙවිදිහක් – අපි බැන ගත්තා වචනවලින් ගහගත්තා – විවාහ වුනාට පස්සේ කාවිංග දැන් කියන්නේ මෙහෙමයි

පසුගියදා කාවිංග පෙරේරා ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ කාවිංගගේ විවාහයත් සමගයි. කාවිංගගේ අතගත් ඒ සොඳුරු යුවතිය වුනේ වෘත්තියෙන් වෛද්‍යවරියක් වන සනායා. මේ කාවිංග විවාහයෙන් පස්සේ පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

කොහොමද අලුත් ජිවිතේ..?
අලුත් ජිවිතේ හොඳයි. තනිකඩව හිටපු කාලේ ඉවරයි. දැන් තිබුනටත් වඩා වගකීම් එක්ක ජිවත් වෙන්න වෙයි.

පෙම්වතියක් ඉන්නවා කිව්වට පෙම්වතිය ගැනවත් විවාහය ගැනවත් ප්‍රචාර දුන්නේ නැහැ..පෙම්වතිය ගැන හැංගුවේ ඇයි..?
ඒ හැමදේම එළියට දාන්න ඕන කියලා අපි හිතුවේ නැහැ. හැමදේම හරි විදිහට පිළිවෙලකට කරන්න තමයි අපි දෙන්නට ඕන වුණේ. ඒත් මම පෙම්වතියක් ඉන්නවා කියලා හැංගුවේ නැහැ. එයා සනායා පෙරේරා. වෛද්‍යවරියක්

ඔබදෙදෙනාගේ සම්බන්ධයට කපුකම් කළේ දුක්ගන්නාරාළ කියන්නේ ඇත්තද..?
අපේ සම්බන්ධයට කපුකම් කළේ දුකා අයියා තමයි. එයා සනයාගේ මාමා කෙනෙක්. මම දවසක් දුකා අයියාගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමයි මට සනායා ගැන කිව්වේ. දැන්මම බදින්නේ නැද්ද වයස යනවා නේද කියලා අහලා තමයි මට සනායා ගැන කිව්වේ. එයා එක්ක කතාබහ කරලා බලන්න කියලා එයාගේ දුරකථන අංකය මට දුන්නා. ඊට පස්සේ අපි කතා කළා.

මුල් කතාබහම ආදර කතාවට මුල පිරුවද..?
අපි මුලින්ම යාළුවො වගේ ආශ්‍රය කළා. අවුරුද්දකට පස්සේ තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. අපේ ආදර කතාවට අවුරුදු 3ක් විතර වෙනවා.

සනායාව ජිවිතයට තෝරා ගනිද්දී කාවිංගගේ අම්මා මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වුයේ..?
ඒ වෙනකොට මගේ අම්මට පිළිකාවක් හැදිලා හිටියේ. වෛද්‍යවරු කිව්වා අම්මා ජිවත්වෙන්නේ මාස 6යි කියලා. සනායාට අම්මාව බලන්න එන්න බැරි වුණා. මොකද එයා මුල් පත්වීම ලැබිලා තිබ්බේ දඹුල්ලට. එයාට නිවාඩු ගන්න පසුබිමක් තිබුණේ නැහැ. අම්මා මට කිව්වේ මට ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා.

අම්මා කිව්ව විදිහටම සනායා කියන්නේ කාවිංගව හොදින් තේරුම් ගත්ත කෙනෙක්ද..?
අපි කවුරුත් සියයට සියයක් සර්ව සම්පුර්ණ නැහැ. අපි දෙවිදිහක්. රැකියා දෙකක්. මගේ වැඩවලට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

කාවිංගට රංගන ක්ෂේත්‍රයේ ඕන තරම් තරුණියෝ මුණගැහිලා තියෙනවා ඇති. කාවිංගගේ හිත සනායා ලග නතර වෙන්න විශේෂ හේතුව මොකක්ද..?
කලා ක්ෂේත්‍රය කියන්නේ මගේ දෙවැනි පවුල. එතැනදී මට හමුවෙන රංගන ශිල්පිනියන් මම ආශ්‍රය කරන්නේ සහෝදර බැදීමකින්. අපි පැටියෝ, ඩාර්ලින් කිව්වට ඒක සහෝදර බැඳීමක්. මම සනායාට කැමති වුණේ පොළොවේ පයගහලා ඉන්න හැමෝ එක්කම හිනා වෙලා ඉන්න චරිතයක් නිසා. මගේ යාළුවන්ට වුණත් කියන්න ඕන දේ මුහුණටම කියනවා. ඒ වගේම මට කිසිදෙයක් හංගන්නේ නැහැ.

ඔය ආදර කතාවට බාධාවක් තිබුණේ නැද්ද..?
බාධා තිබුණේ නැහැ කිව්වොත් බොරුවක්. අපි සර්ව සම්පුර්ණ කපල් එකක් නෙමෙයි. අපි බැන ගත්තා වචනවලින් ගහගත්තා. මුල් කාලේ තිබ්බ ප්‍රශ්න එක්ක තමයි අපි පසු කාලීනව හැදුණේ. අපි දෙන්නම පවුලේ හුරතලයට හැදුණු දෙන්නෙක්. ඒ නිසා ඒ වගේ යම් යම් ගැටළු තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!