Gossip News

කටුගස්තොට ජලාශයක ගසාගෙන ගිය පාසල් පෙම අවසන් ගමන් යයි

කටුගස්තොට පොල්ගොල්ල ජලාශයට පැන පාසල් දරුවන් දෙදෙනකු දිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ 07 වැනිදා උදෑසන මෙම පාසල් දරුවන් දෙදෙනා ජලාශයට පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පැවසුවේ.
මහනුවර නවයාලතැන්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවියක සහ 17 හැවිරිදි සිසුවකු මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ උදෑසන ගොඩගත් බව කටුගස්තොට පොලිසිය සඳහන් කළේ.
ඊයේ පාන්දර 5.45ට පමණ මොවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මතින් මහවැලි ගඟට පැන තිබේ. මොවුන් දෙදෙනා පාසලේ 10 වන හා 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබ ඇති අතර, කලක සිට පේ‍්‍රම සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම සිසුවිය හා සිසුවා පෙරේදා (06දා සිට අතුරුදන්ව සිට ඇති අතර, ඔවුන්ගේ දෙමාපියන් දරුවන් දෙදෙනා සොයමින් සිට තිබේ. පසුව ඊයේ අලූයම මේ පිළිබඳව කටුගස්තොට පොලිසියට පැමිණිලි කර ඇති අතර, එහිදී ඔවුන් නවයාලතැන්න දුම්රිය පාලම අසල සිටින බව දැන ගැනීමට ලැබී ඇත.
දෙමාපියන් එම ස්ථානයට ළඟා වෙන විටම දරුවන් දෙදෙනා මහවැලි ගඟට පැන්න බව මියගිය පිරිමි දරුවාගේ පියා සඳහන් කළේය. දෙමාපියන්ගේ කෑ ගැසීමත් සමග ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති අතර, පසුව ඔවුන්ගේ සිරුර ගොඩ ගෙන තිබේ. ඔවුන් දෙදෙනා ගොඩට ගෙන එන විටත් මියගොස් සිටි බව කටුගස්තොට පොලිසිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!