Gossip

ඔහු හරි අපිරිසිදුයි, ඒත් මට හිතුනේ නෑ ඔහුව පන්නගන්න, Shoes දෙක ලැබුණට කතා කරලා Thanks කරන්න එයාට බැහැ. ඒත් ඒ සතුට එයාගේ ඇස්වල තිබුණා”

කෙනෙකුගේ හිතකට සතුටක් දෙන්න, එහෙමත් නැත්නම් අසරණ කෙනෙකුට සරණක් වෙන්න පුළුවන්නම් ඒක කියලා නිම කරන්න බැරි දෙයක් වගේම මිල කරන්නත් බැහැ.
ඒ විදිහට කෙනෙකුගේ කැමැත්ත වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරපු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ හෝමාගම පැත්තෙන්.
නමින් ඔහු නදුන්..
නඳුන් ඔහුගේ සොහොයුරාට අයත් පාවහන් අලෙවිසැලේ ඉද්දි ඊයේ කඩේට අමුත්තෙක් ඇවිත්.
ඒ තමයි හෝමාගම නගරය පුරාම හැමදාම වගේ සැරිසරන කතාකරන්න් බැරි පුද්ගලයෙක්. කතාකරන්න බැරිවුණත් මොහුට කියන හැමදෙයක්ම හොඳට තේරෙනවලු.
මේ පුද්ගලයා අපිරිසිදු කෙනෙක් වුණත් ඔහු සිඟමන් යදින කෙනෙක් නෙවෙයි කියලයි නදුන් කිව්වේ.
මේ පාවහන් අලෙවිසැලට ඇවිත් හරිම ආසාවෙන් පාවහන් දිහා බලාගෙන ඉන්නවා දැකපු නදුන් ඔහු ළඟට ගිහින් කියලා තිබුණේ කමති ඕන එකක් ගන්න කියලයි.
මේ සිද්ධිය ගැන නදුන් තමන්ගේ මුහුණුපොතේ දාලා තිබුණා. ඒ ගැන දැනගන්න අපි නදුන්ට කතා කළාම ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“මේ කෙනා නිතරම වගේ හෝමාගම අවට කැරකෙනවා. ගොලුයි. හැබැයි සිඟන්නෙකුත් නෙවෙයි. සමහරු බිල් එහෙම කොලයක ලියලා දීලා අවශ්‍ය කරන බඩු ගෙන්නගන්නවා.
ඊයේ මේ පුද්ගලයා මගේ සහෝදරයගේ පාවහන් අලෙවිසැලට ආවා.
මේ පුද්ගලයා පිරිසිදුනම් නැහැ. ඒත් මට හිතුනේ නෑ ඒ කෙනාව එලවන්න. හරි ආසාවෙන් සපත්තු දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට පන්නගන්න හිතුනේ නෑ.
මම කිව්වා කැමති ඕන එකක් බලලා ගන්න කියලා. පස්සේ රතු පාට සපත්තු දෙකක් අරගෙන මමම එයාගේ කකුලට දැම්මා. එයාට ලොකු හිනාවක් ආවා.
රු 2200 ක් වගේ වෙනවා ඒ සපත්තුව. ඒත් ඊට වඩා මට වටිනවා එ් අවස්ථාවේ ඔහුට දැනුනු සතුට.. මේ දේ ප්‍රචාරයක් ගන්න බලාගෙන කළේ නෑ. ඒත් මේ සතුට මට අනිත් අය එක්ක බෙදාගන්න හිතුනා. ඒ නිසාමයි මම ෆේස්බුක් එකට දැම්මෙත්”

නදුන් සිය මුහුණුපොතේ දමා තිබුණේ මෙවැනි සටහනක්…

“අපි හැමෝම හීන පස්සෙ දුවනවා. අපිට ඒවා ඇත්ත කරගන්න පුලුවන් මොකද අපිට හිතුවොත් දෙයක් කරන්න පුලුවන් මනසක් තියෙනවා.. සමහර අසරණ දුප්පත් මිනිස්සුන්ට තමන් ආස දේවල් හීන විතරයි.. . අද මගෙ shop එකට මේ මනුස්සයා ඇවිත් shoes දිහා බලාගෙන හිටියා.. අන්තිමට එයා කැමතිම shoes දෙක එයාට ලබුණා.. කතා කරලා thank කරන්න එයාට බෑ. but ඒ සතුට ඒ ඇස් වල තිබුණා.. පොර වෙන්න post කලා නෙමේ මම කවුද කියලා තොපි දන්නවා. so $#^&%& කුප්ප කතා කියන්නෙපා. අම්මා හදපු විදිය අයිය Ruwan Kuraa ගෙ path එක තමා මේ….පුලුවන් හැමවෙලේම නැති කෙනෙක්ට උදව් කරපන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන්නෙ නැතුව.. ඒ හීනයක් ඇත්තක් කරවන්න පුලුවන්නම් ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. සල්ලිම නෙමේ බන් ජීවිතේ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!