Gossip

ඔබේ හතුරෙකුටවත් මේ දේවල් 10 භාවිතා කරන්න දෙන්න එපා – Photos

අපි ඉතාම ආදරණීය, කරුණාවන්ත මිනිසුන් ඉන්න රටක්. අපි කන්න ගන්න කෑම එකේ පටන් බොහෝ දේවල් බෙදා ගන්නවා. අපට අපේ රටේ මිනිස්සු එහෙම නෑ වගේ හිතුණත් ගොඩක් විදේශිකයන් පවා මවිත වෙන දෙයක් තමයි ලාංකිකයන්ගේ තියෙන බෙදා හදා ගැනීමේ කැමත්ත. ඔබ මොනතරම් හොඳ හදවතක් තියෙන කෙනෙක් වුණත් ඔබ බෙදා නොගත යුතු දේවලුත් තියෙනව. මේ දේවල් අනෙක් අයට ණයට දීමත් බෙදා ගැනීමත් මගින් ඔබගේ සෞඛ්‍ය තත්වය අවදානමට ලක්විය හැකියි.

01. ලිප්ස්ටික් සහ ලිප්ග්ලොස්

ඔයාගේ යාලුවෙක්ට හදිස්සියේ ලිප්ස්ටික් එකක් දෙන එක ඉතාම අහිංසක ක්‍රියාවක් වෙන්න පුලුවන්. නමුත් හර්පීස් වගේ රෝගයක් ඛේටය හරහා බෝවීමේ අවදානම වැඩියි. මේ රෝගය තියෙන අයව හඳුනාගැනීමේ ලක්ෂණ සෑම විටම පැහැදිලිව පේන්නේ නෑ. ඒ වගේම හර්පීස් වලට නම් තවමත් නිට්ටාවට සුව කලහකි බෙහෙතක් සොයාගෙන නෑ. ඒ වගේම විවිධ දද (රෑෂ්) එහෙමත් මේ මාර්ගයෙන් බෝ වෙන්න ඉඩ ටියෙනවා.

02. හෙඩ් ෆෝන් එක

හෙඩ් ෆෝන් එකනම් අපි ලේසියෙන්ම වෙන කෙනෙක්ට භාවිතා කරන්න දෙන දෙයක්. සාමාන්‍යෙන් සෑම කෙනෙකුගේම කනේ කලාදුරු වලතිබෙන බැක්ටීරියා සමතුලිතතාවය එකිනෙකාට අනන්‍යයි, වෙනස් කෙනෙක්ගේ කනේ තිබෙන බැක්ටීරියා හෙඩ් ෆෝන් එක හරහා අපේ කනට ඇතුල් වුණාම කනේ ආසාදන ඇති වීමේ අවදානමක් තියෙනවා.

ඔබ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයකදී වෙන කෙනෙකුට හෙඩ් ෆෝන් එක දෙනවා නම් ඉන්පසුව එය අමතක නොකර පිරිසිදු කරන්න. ඒ සඳහා ටූත් පික් එකක් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතාකරන්න පුලුවන්.

03. කර්ලින් කටු සහ කොණ්ඩා කටු

කොණ්ඩා කටු සහ ක්ලිප් වලින් ලේසියෙන්ම උකුණන්, ලේඩින්, ඉස්සොරි සහ වෙනත් දිලීර වර්ග බෝවෙන්න පුලුවන්. ඔබ කෙනෙක් එක්ක බෙදා ගත්තත් නැතත් මේවා පිරිසිදු කරන්න ඕන. සබන් වතුර එකක ටික වෙලාවක් දාලා තියලා සෝදාගන්න, අමතක නොකර තෙත ඉවත් වෙනතුරු පිසදාලා වේලා ගන්න.

04. ඩියෝඩ්‍රන්ට්

ඩියෝඩ්‍රන්ට් එකක් කෙලින්ම ඔබේ අත යට ප්‍රදේශයේ ආලේප වන නිසා එය නම් සාමාන්‍යෙන් කවුරුත් වැඩිය බෙදා ගන්නේ නෑ. නමුත් ළඟම යාලුවෙක් එක්ක එහෙම බෙදා ගන්න ඉඩතියෙනවා. අත යට ප්‍රදේශයේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබ ඩියෝඩ්‍රන්ට් භාවිතා කළ යුත්තේ ඇඟ සේදිමෙන් හෝ නෑමෙන් පසුයි. දවස මැද ඔබට ඩියෝඩ්‍රන්ට් භාවිතා කිරීමට අවශ්‍ය නම් අත යට තෙත ටිෂූ එකකින් පිස දමන්න.

05. තුවාය

‌තුවාය හදලා තියෙන්නේ හැකිතාක් ජලය උරාගන්නා විදියටයි. ඔබ ඇඟ පිහදාන්නෙ කොයි තරම් පිරිසිදු වෙලාවුණත් තුවායේ තෙත ගතිය නිසා බැක්ටීරියා සහ දිලීර වලට තුවායේ හැදෙන්න ඉතාම හිතකර පසුබිමකුයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තුවාය වෙන කෙනෙකුට දුන්නොත් පහසුවෙන් එයාගෙ ඇඟේ තියෙන රෝග තත්වයන් ඔබට බෝවෙන්න පුලුවන් බව පැහැදිලියි. තුවාය කාට හරි දෙනවා නම් අනිවාර්‍යෙන් ඊට පස්සෙ සෝදා ගන්න. සෝදා වේලා ගත් පසු අයන් කරන්න.

‌දින දෙක තුනකට වරක් තුවාය සෝදන්න.දිනපතා භාවිතයෙන් පසු අව්වේ වේලා ගන්න.

06. මෙනිකියෝ සහ වෙනත් රූපලාවන්‍ය උපකරණ

ට්වීසර්, රේසර්ස්, නේල් කටර්ස් ආදී උපකරණ පුද්ගලිකව භාවිතා කරන්න. මේවා මත පහසුවෙන් ඉතා කුඩා ප්‍රමාණයේ රුධිර බිංදු එකතු වී තිබිය හැකියි. රුධිරයෙන් ගොඩක් ලෙඩ බෝවෙනවා, විශේෂයෙන් හර්පීස් සහ දිලීර ආසාදන මෙසේ බෝවීම වැඩියි.

මෙම උපකරණ භාවිතා කරන අතර සතියකට වරක් වත් ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරකයක් භාවිතා කර පිසදා ගන්න.

07.‌ සම හා ගැටෙන රූපලාවන්‍ය උපකරණ

සමට ගැටෙන මේකප් බ්‍රෂ්, මේකප් ස්පොන්ජ් ආදිය නිතර පිරිසිදු කරන එක ඒ තරම් අපහසු නැහැ. නමුත්, පහසුවෙන් ඉවත් නොවන සම් කොටස් මේවායේ රැඳී තියෙන්න පුලුවන්. ඒ නිසා මෙවැනි රූපලාවන්‍ය උපකරණ බෙදාහදා ගන්න එපා. ඔබ අනෙක් අයගේ ඒවා භාවිතා කරන්නත් එපා.

08. නිවස ඇතුලට පලදින සෙරෙප්පු

සාමාන්‍යෙන් දැන් ටයිල් කරලා හදන ගෙවල් වල ඇතුලට පලදින්න වෙනම පහසු සෙරෙප්පු භාවිතා කරනවා. මේවායේත් දහඩිය රැදෙන නිසා ඉක්මනින් බැක්‍ටීරියා සහ දිලීර රැඳෙන්න පුලුවන්. මේ සෙරෙප්පු වල අමුද්‍රව්‍ය සේදීමට සුදුසුයි කියලා ලේබල් එකේ තියෙනව නම් නිතර ඒවා සෝදන්න. අමුත්තන් සඳහා වෙනම යුගලක් ගෙනත් තියන්න. සේදිමට නුසුදුසු අමුද්‍රව්‍යක් නම් විනාකිරි වැනි බැක්ටීරියා නාශකයකින් පිස දමන්න. තෙත දෙපා පිස දැමීමෙන් තොරව සෙරෙප්පු පළඳින්න එපා.

09. පනාව

‌පනාව නම් මාරු කරන්නම එපා. ඉස්සොරි සහ උකුණන් ඉතාමලේසියෙන්ම බෝ වෙන්න පුලුවන් විදියක් තමයි පනාව. ඒ වගේම සතියකට වරක්වත් පනාව සෝදන්න. වඩා හොඳින් සේදීමට පහසු වෙන පරිදි ලොකු දැති සහිත පනාවක් භාවිතා කරන්න. එවැනි පනාවක් ඔබේ හිසකෙස් වලටත් හානි කරනවා අඩුයි.

10. දත් බුරුසුව

සාමාන්‍යෙන් අපි කවුරුත් දත් බුරුසුව හුවමාරු කරගන්නෙ නෑ. නමුත් ආයෙමත් කියන්න ඕන දෙයක් තමයි, ඉතාම ළඟ හිතවතෙක් එක්ක වත් දත් බුරුසුව හුවමාරු කරගන්න එපා. එක දවසක් දත් නොමැද සිටීමීට වඩා හොඳයි. මුඛය කියන්නේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක නිවහනක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!