Gossip

ඔබගේ දරුවාත් ප්‍රවේසම් කරගන්න – කැනඩා පොලිසියෙන් හොයන අපරාධකරුවෙක් ලංකාවේ සැරිසරයි? සියලු විස්තර මෙන්න

පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් කුරුඳුවත්තේ පිහිටි ප්‍රසිද්ධ ආපන ශාලාවක් වැටලුවා.

එය ‘Calorie Counter by Duaine Peiris’ නමින් ප්‍රසිද්ධ ආපනශාලාවයි.

කෙසේවෙතත් මේ ආපන ශාලාවේ මෙහෙයුම් ප්‍රධානියා බවට සැලකෙන පුද්ගලයා සම්බන්ධයෙන් මේ දිනවල අලුත් කතාබහක් ඇතිවෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ට්විටර් ඇතුළු සමාජජාල මාධ්‍යයන් ගණනාවක් විස්තරද පළ වුණා.

එනම් මේ ආපන ශාලාවේ මෙහෙයුම් ප්‍රධානියා බවට සැලකෙන Anton Andrew නැමැති තැනැත්තා කැනඩා පොලිසියෙන් සොයන කෙනෙක් බවටයි.

ඒ ලිංගික අඩන්තේට්ටම් , බාලවයස්කාර ලිංගික මැදිහත්වීම් හා ළමා අසැබි පට ප්‍රචාරණය නම් වරදටයි.

එමෙන්ම මෙම පුද්ගලයා ගැන තොරතුරක් දන්නේනම් කැනඩාවේ ඔට්ටාවා පොලිසියේ 613-236-1222 හෝ 1-800-222-8477 අංකවලට දැනුම්දෙන බවටත් ඔවුන් සිය ෆේස්බුක් සහ ට්විටර් නිවේදන මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර ඇන්ඩෘ ඇන්ටන් නම් මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ දැක ඇති බවත් ඔහුව ඉතාමත් ඉක්මනට අත්අඩංගුවට ගෙන හෝ එම රටට රැගෙන යන ලෙසත් එම ට්විටර් සහ ෆේස්බුක් නිවේදනවලට පිළිතුරු සපයමින් සමහර පුද්ගලයන් පවසා තිබෙනවා. එමෙන්ම ලංකාවේ දරුවන් ප්‍රවේසම් කරගන්නා ලෙසටත් එම ට්විටර් පණිවිඩවලට පිළිතුරු සපයා තිබෙන අයුරු අපට දැකගන්නට ලැබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!