බොලිවුඩ්

ඓශ්චර්යා බූට් එක තැබුවාට ලාංකිකයාගෙන් නඩුවක්….

ජනප්‍රිය ඉන්දීය නිළි ඓශ්වර්යාට රායි, ඉන්දීය සුපිරි නළු අභිෂේක් බච්චන් සමග විවාහ වීමෙන්  ඓශ්වර්යාට රායි සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් තිබු පුද්ගලයෙකු තමා පත් වූ මානසික ව්‍යාකූල තත්ත්වයකට වන්දි ලෙස ඓශ්වර්යාට රායිට එරෙහිව නඩුවක් පවරා තමාට වන්දි මුදලක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17 ට අධික මුදල් තම ඥාති පුත්‍රයකු වංචා කළ ඇති බවට නිරෝෂන දේවප්‍රිය නම් පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

පානදුරේ පදිංචි රොෂාන් අජිත් නමැති ඥාති පුත්‍රයාට තමාගේ හා  ඓශ්වර්යාට රායිගේ ප්‍රේමය සම්බන්ධව දැනුම් දුන්විට ඔහුව අතහැර අභිෂේක් භච්චන් සමඟ විවාහ වීම වරදක් බවත්, මේ සඳහා නිළි ඓශ්වර්යාට එරෙහිව නඩුවක් පවරා විශාල වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාවක් ඇති බවත් පවසා තිබේ.

ඒ අනුව පැමිණිලිකරු, සැකකරු වන රොෂාන් අජිත් නැමැත්තාට රුපියල් 17,48 500 මුදලක් ගෙවූ නමුත් තමාට සිදු කළ පොරොන්දුව ඉටු නොකළ බවට අධිකරණයට පැමිණිලි ගොනුකොට තිබුණි.

ඒ අනුව සැකකාර රොෂාන් අජිත් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කොට මාස්පතා කොටස් වශයෙන් රුපියල් දස ලක්ෂයක් මාමාට ගෙවීමේ පොරොන්දුව පිට රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කොට ඇත.

AISH1

AISH3

AISH2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!