Gossip

“හරියට වුණේ නැත්නම් ඒඩ්ස් වගේ භයානක ලෙඩක් දක්වාත් යන්න පුළුවන් ” – ඩුබායිවල ටැටූ ගහන ලංකාවේ ඇන්ටන් කිව්ව කතාව

ටැටූ කියන්නේ අද ලෝකයේ තියන අපූරු කලාවක්. ඒ කලාවෙන් ලෝකය ජයගත්ත ශ්‍රී ලාංකිකයෙක් අපිට මුණගැසුණා. ඔහු නමින් ඇන්ටන් සුජීව. ගම් පළාත මීගමුව. දැන් පදිංචිය ඩුබායිවල. ඇන්ටන්ට ඩුබායිවල තමන්ට කියලා Saloon එකක් තියෙනවා ඇන්ටන් සැලෝන් නමින්. ඒ වගේම ඔහු ඒ රටේ නමක් තියන Tattoo Artists කෙනෙක්. නිවාඩුවට ලංකාව ආපු වෙලාවක අපිට ඔහු මුණගැහුණා. ඉතින් මේ ඔහු සමඟ කළ කෙටි පිළිසඳරක්.

කොහොමද ඩුබායිවල ටැටූ කෙරුවාව..?
ඇත්තටම ඩුබායි කියන්නේ රටවල් එකසිය හැට ගාණක විතර ජාතීන් ඉන්න රටක්. Mix Culture එකක් තියෙන්නේ. හැම රටේම මිනිසු හම්බවෙනවා. ඉතින් අපිට හොඳ ඉල්ලුමක් තියනවා. මම හිතන්නේ ඒ ඉල්ලුම හැදෙන්න ඇත්තේ අපේ පලපුරුද්දයි අපි වැඩ කරපු කාලෙයි එක්ක. දැන් අවුරුදු එකොළහක්. අනිත් එක ටැටූවලදී වැදගතම දේ කොලිටි එක. Client Professional නම් අනිවාර්යයෙන් අපි භාවිත කරන Product ගැන, අපේ වැඩ ගැන හොයලා බලනවා.

කොහොමද මේ ටැටූ ගැහිල්ල පටන්ගත්තේ..?
පටන් ගත්තේ ලංකාවේදී. මම පොඩි කාලේ ඉඳන් චිත්‍රම තමා ඇඳ ඇඳ හිටියෙ. පස්සේ මම Saloon එකක් කළා. ඒක කරද්දීත් මම Free Time එකට Scratch Drawing කළා. ලොකු Collection එකක් තිබ්බා Saloon එක ඇතුළේ. එතන්ට ආවා සුවිඩිශ් ආටිස්ට් කෙනෙක්. එයා ඇහුවා කවුද මේවා ඇන්දේ කියලා. මම කීවා මම කියලා. එයා කීවා ඔයා කරන්න ඕන මේ Subject එක මේක ඔයාට Shoot වෙනවා කියලා. එයා නැවතිලා හිටියේ අපේ සැලෝන් එක කිට්ටුව ගෙදරක. Free Time එකේ එයාව හම්බ වෙන්න එන්න කිව්වා එයා කරපු Art බලන්න. එතනින් තමා අදහස ආවේ. මගේ තව යාළුවෙක් හිටියා UK වල. එයාට මම මේ අදහස කිව්වම එයා කිව්වා ඔයා පටන් ගන්න මූලික දැනුම ගන්න මම අවශ්‍ය බඩු ටික ගෙනත් දෙන්නම් කියලා. ඊට පස්සේ සුවිඩිශ් Artists මූලික දැනුම දුන්නා. UK යාළුවා බඩු ගෙනත් දුන්නා. යාළුවන්ට tattoo ගහලා පුරුදු වුණා. පස්සේ මම තායිලන්, වියට්නාම් වගේ තැන්වල පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගත්තා.

ලංකාවේ ටැටූ ගැහිල්ලයි ජාත්‍යන්තර මට්ටමේ ටැටූ ගැහිල්ලයි වෙනස්කම් තියනවාද?
ලංකාවේ Google එකෙන් හරි කොහෙන් හරි ඩිසයින් එක අරගෙන ගහනවා. ගොඩක් ගහන ඩිසයින් ගූගල් එකේ සර්ච් කරත් ඒ වගේ ඒවා දාහකට දෙදාහකට වඩා තියනවා. සමහරවිට ගහන කෙනා දන්නේ නැතුව ඇති ඒකේ Meaning එක. ඊට වඩා ඇත්තටම තේරුම පැත්තෙන් හිතන්න ඕනෑ. අනිත් එක Hygiene. ඒක හරියට වුණේ නැත්නම් ඒඩ්ස් වගේ භයානක ලෙඩක් දක්වාත් ඒක යන්න පුළුවන්. දැන් ඇත්තමට ජීවහානුහරණය කියන එක වැඩක් නෑ. හැම දෙයක්ම Disposable තියෙන්නේ. පාවිච්චි කරා විසි කරා. හැබයි ඒ ලෙවල් එකට එන්න ලොකු කොස්ට් එකක් යනවා. සමහර අය වැඩි ගාණක් වියදම් කරන්න බැරි සේවාදායකන්ට මේවා පිරිසිදු කරලා කරනවා ඇති අඩුවට කරන්න ඕනෑ නිසා. ඒක ලොකු අවදානමක්. මම දකින්නේ ඒ පැත්ත තමා ලංකාවේ දුර්වල. අපි ඩුබායිවල මොන දේ කරත් තියන ස්ටෑන්ඩර්ඩ් ඒගොල්ලෝ ඇවිල්ලා චෙක් කරනවා හොයලා බලනවා. ඒ නීතිවලට කරගෙන යන්න මුල් කාලෙදි අපිටත් අමාරු වුණා. පස්සේ ඒවට හුරු වුණාම හරි. ඒත් මෙහෙ ලොකුවට හොයාබැලීමක් වෙන්නේ නෑ.

මොනවද මේ දවස්වල ජාත්‍යන්තර මට්ටමෙන් හිට්ම ටැටූස්…?
ඒක නම් එක එක කාලෙට වෙනස් වෙනවා. පහුගිය කාලේ තිබුණා මවෘරි කියලා. ඒ කියන්නේ පොලිනීශියන් නිව්සීලන්ඩ් ට්‍රැඩිශනල් ඩිසයින්. දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියනවා Geometric කියලා. ඒ කියන්නේ ජ්‍යාමිතික හැඩ ඇසුරින් ගන්න පුළුවන් Meaning ගන්න පුළුවන් ඩිසයින්.

කොහොමද එහෙයි මෙහෙයි මිල ගණන්වල වෙනස..?
මෙහෙමයි එහෙත් ඉන්නවා අඩුවට කරන අයයි වැඩියට කරන අයයි. ඒක තීරණය වෙන්නේ අපි කරන වැඩේ කොලිටි එක, එක්ස්පීරියන්ස් එක, පාවිච්චි කරන ප්‍රඩක්ට් වගේ දේවල් මත. මගේ නම් එක ස්ටෑන්ඩර්ඩ් එකක් තියනවා.

අද ජාත්‍යන්තර ජයගත්ත කලාකරුවෙක් වෙද්දී මේක පිටිපස්සේ ඉඳලා උදව් කරපු පිරිස මතක් කරොත්..?
මතක් කරන්න ඕනා මට මුළින් ආට් උගන්නපු ටීචර්ස්ලා. කල්‍යාණි හෙට්ටිආරච්චි කියලා මට පොඩි කාලේ උගන්නපු ගුරුතුමිය. පොඩි කාලේ ඉඳන්ම ඇන්දාට ඒ ටෙක්නික් කවුරුහරි කියා දෙන්න එපැයි අපට. ඒ දේවල් ගොඩක් හම්බුණේ මුල් ගුරුතුමියගෙන්. ඊට පස්සේ ස්තූති කරන්න ඕනා ඩොමිනික් සිරිල් කියලා සුවිඩිශ් ආටිස්ට්ට. කරගෙන යන අතරතුරේ ඇඩ්වාන්ස් එක්කෙනෙක් හම්බවුණ එක ලොකු හයියක් වුණා. ඒ වගේ වැඩේ මුළින් පටන් ගන්නකොට බඩු ගෙනත් දුන්න උපුල් සොයිසා වගේ අය. ඒ අය තාමත් මතකයි.

ලංකාවේ අය වෙනුවෙනුත් වැඩක් කරන්න අදහසක් නැද්ද?
මෙහෙමයි ඉතින් ගොඩක් අය Social Media වලින් Whatapp වලින් කතා කරලා අහනවා. ටැටූස් කරන්න රික්වෙස්ට් තියනවා. මම ලංකාවට එන්නේ වැකේශන්. අදහසකුත් තියනවා මෙහෙත් මොනවා හරි කරන්න. අපි බලමු. හැබැයි මට ඕනා මෙහෙදීත් Stand තියාගෙන High Profile විදිහට කරන්න. ලංකාවෙදි අධීක්ෂණය කියන එක හරියට නොවුණත් අපි හිතලා මතලා ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න ඕනා. අපේ සැලෝන් එකේ වැඩ කරන්නේ තනිකර ලංකාවේ අය. අපෙත් ඉන්නවා හොඳ දක්ෂතාවයන් තියන තරුණ කොල්ලෝ. ඒ නිසා Sri Lankan Only කියන එක මම දිගටම තියා ගන්නවා. ඒ වගේම මට දැන් එහෙ Market එකට Profile hire dresses ලා, beautician ලා ඕනා. ඒත් සමහර අපේ අය ආවම එක්කෝ English කතාකරන්න බෑ. වැඩ බාගෙට. එහෙම නෙවෙයි මට මෙහෙ ට්‍රේන් කරලා හොඳ අයව එහෙට ගෙනියන්න ඕනා. මෙහෙ වැඩක් පටන් ගන්න එකේ ඒකත් එක බලාපොරොත්තුවක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!