Gossip

“එයාට බල කරන්නේ නැහැ – ලැබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් කියලා හිතන් හිටියොත් හරි” – දිනක්ෂි ප්‍රියසාද් මාධ්‍යයට කියපු කතාව

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දිනවල ජනප්‍රියම චරිතයක්. ඉතින් දිනක්ෂි ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමග කියා තිබුණේ මේ විදියට.

දිනක්‍ෂි කාර්යබහුල වෙලා නේද?
මේ දවස්වල ඇත්තටම කාර්යබහුලයි. විවේකයක් නැති තරම්.

දිනක්‍ෂි කාර්යබහුල වෙන්න කැමැතියි වගේ?
මම භාරගත්ත වැඩ මේ දවස්වල විකාශය වෙනවා. ඒ නිසා වැඩි කාලයක් ඒ වැඩවලට වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

අක්කයි නංගියි මේ දවස්වල හරි හරියට රණ්ඩු වෙනවා කියලත් ආරංචියි?
ඔව්. මොකද අපේ ඉදිරිපත් කිරීම හරියට කරන්න මහන්සි වෙනවා. මම ස්ටෙප් එක හරියට කරද්දී නංගී වරද්දනවා. එයා හරියට කරද්දී මම වරද්දනවා. ඒකට තමයි දෙන්නා වලි දාගන්නේ. හැබැයි අපි දෙන්නා ෂේප් එකේ ඒ වැඩේ කරගෙන යනවා.

කාර්යබහුල වෙන්න තරම් දිනක්‍ෂිට ඉල්ලුම වැඩියි වගේ?
එහෙම නැහැ. මම ගොඩක් වැඩ කරන්නේ නැහැ. ලැබෙන වැඩවලට සම්බන්ධ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ.

තමන්ට ලැබෙන දේවල් ලොකුවට භාර ගන්න දිනක්‍ෂි කැමැති නැද්ද?
දේවල් ලැබෙනවා වගේ නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ලැබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් කියලා හිතන් හිටියොත් හරි. ලැබෙන නොලැබෙන දේවල් සාමාන්‍ය විදියට මම හිතන්නේ.

එකකට එකක් වෙනස් චරිත දිනක්‍ෂිට ලැබිලා තියෙනවා නේද?
ඇත්තටම මම ඉන්න විදියත් එක්ක නාගරික සාමාන්‍ය චරිත එක දිගට ලැබුණා. ඒවා කරද්දී මටත් කම්මැළියි. තෝරා බේරා ගැනීම් කරන්න තරම් නිර්මාණ නැහැනේ. ඒ නිසා ලැබෙන දේ මම කරනවා. මම රංගනයට තාම ආධුනිකයි. මම වාසනාවන්තයි වෙනස් අධ්‍යක්ෂවරු එක්ක මට වැඩ කරන්න ලැබීම ගැන. ඔවුන් මාව වෙනස් කරලා ගන්නවා.

දැන් පුංචි තිරයේ ශනුද්‍රිත් දකින්න ලැබෙනවා. ඇත්තටම ජනප්‍රිය දිනක්‍ෂිද? ශනුද්‍රිද?
ශනු මට වඩා හුඟක් ජනප්‍රියයි. එයාට ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි ආදරයක් ලැබෙනවා. මොකද එයා ටෙලි නාට්‍යවල වැඩිය දැකලා තිබුණේ නැහැ. මාව නම් ටෙලි නාට්‍යවල දැකලා තිබුණානේ. ඉතින් පාරකදී වුණත් ප්‍රේක්ෂකයෝ ඇවිත් මුලින්ම කතා කරන්නේ ශනු එක්ක. ඊට පස්සේ තමයි මාත් එක්ක කතා කරන්නේ.

වැඩවලදීත් ශනුටද මුල් තැන ලැබෙන්නේ?
ඔව්. ශනු බෑ කියන වැඩවලට මට කතා කරනවා. නංගි තමයි පළමුවැනි චොයිස් එක. එයා නැති වුණොත් මම තමයි දෙවැනි චොයිස් එක.

නංගිට එක ලැබෙද්දී ජෙලස් හිතිලම නැද්ද?
නැහැ. ඇත්තටම අපි අතර කවදාවත් තරගයක් තිබිලා නැහැ. ශනු තියෙන වැඩේ කරගෙන ඉන්නවා. එයා දක්ෂයි. එයාට හොඳට රඟපාන්නත් පුළුවන්. එයා මඟහැර හැර ඉද්දී මම තමයි එයාට කියන්නේ වැඩ කරන්න කියලා.

ශේෂාද්‍රිත් කාලයක් වැඩ කරලා දැන් නිහඬ වෙලානේ ඉන්නේ. ශේෂාද්‍රිව ආයෙත් එළියට ගන්න බල කරන්නේ නැද්ද?
එයාට බල කරන්නේ නැහැ. ගෙදර හිටියට එයා අපේ නිර්මාණ බලනවා. අපේ වැඩවලට සහය දෙනවා. එයා ඉගෙනීම් කටයුතු රැකියාවේ කටයුතු කරගෙන ඉන්නවා.

පසුගිය දවසක දිනක්‍ෂිලා එකතු වෙලා සාරංගගේ උපන්දිනයට දුන්න සර්ප්‍රයිස් පාටි එක ගැනත් ගොඩක් අය කතා කරන්න ගත්තා?
අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. අපි හැමෝම එකතු වෙලා තමයි සාරංග අයියව සර්ප්‍රයිස් කළේ. ඒ හැමෝගෙම උපන්දිනයට එහෙම සර්ප්‍රයිස් පාටි එකක් අනෙක් යාළුවෝ ප්ලෑන් කරනවා.

දිනක්‍ෂිට යාළුවෝ ගොඩක් ඉන්නවානේ. කවුද ඒ අතරින් වැඩිපුරම ළඟින් ආශ්‍රය කරන්නේ?
හැමෝම මගේ යාළුවෝ. ළඟින්ම ආශ්‍රය කරන්නේ ශලිනිවයි, අසේකාවයි. ගෙදර ඇවිත් ඉන්නේ. හැමදේම කියන්නේඒ දෙන්නට තමයි.

දැන් ජීවිතයේ විශේෂ කෙනෙකුත් ඇතිනේ?
එහෙම විශේෂම කෙනෙක් නැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!