Gossip

“එයාගේ අම්මා පාරේ මැරිලා හිටිය වෙලාවේ අම්මගේ උදර මල්ලේ ඉන්නකොට මම බේරා ගත්තේ. එතකොට එයා ගොඩක් පොඩි පැටියෙක්” – අයෝමය සිරුරක් පිහිටි කැන්ගරුවා මියයයි – Photos

අයෝමය සිරුරක් පිහිටීම නිසා ලෝකයේම අවධානය දිනාගත් 12 හැවිරිදි රොජර් නම් කැන්ගරුවා මියගොස් තිබෙනවා.
රොජර් සොයාගෙන තිබුණේ මව රිය අනතුරකට ලක්ව මියගොස් සිටි අවස්ථාවකදීයි.
ඉන් පසුව රොජර් නම් මෙම කැන්ගරුවා ඔස්ට්‍රේලියාවේ ස්ප්‍රින්ග්ස්හි කැන්ගරු රක්ෂිතයක ජීවත්වී තිබුණා.
එහිදී වේගයෙන් වැඩුණු රොජර් මියයනවිට උසින් මීටර් දෙකක් සහ බරික් කිලෝ ග්‍රෑම් 89 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රොජර්ගේ මරණය ප්‍රකාශයට පත්කරමින් කැන්ගරු රක්ෂිතය පවසා තිබුණේ “ලස්සන දරුවා” අහිමි වූ බවයි.
“එයාගේ අම්මා පාරේ මැරිලා හිටිය වෙලාවේ අම්මගේ උදර මල්ලේ ඉන්නකොට මම බේරා ගත්තේ. එතකොට එයා ගොඩක් පොඩි පැටියෙක්” යනුවෙන් කැන්ගරු රක්ෂිතය ආරම්භ කළ ක්‍රිස් බාන්ස් බීබීසී පුවත් සේවයට පවසා තිබුණා.
රොජර් 2015 වසරේදී ලෝකයේම අවධානය දිනාගත්තේ සිය අයෝමය බාහු ප්‍රදර්ශනය කරමින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් සමාජජාල හරහා හුවමාරු වීමත් සමගයි.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!