ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ තරග කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.
ඒ, තංගල්ල මැඩිල්ල ප්‍ර දේශයේ පැවති ජන හමුවකදීයි.
“එක්සත් ජාතික පක්ෂය මේ රටේ අනාගතය සඳහාත් පක්ෂයේ අභිවෘද්ධිය සඳහාත් දේශපාලනික තීන්දු තීරණ රැසක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රාජපක්ෂ කල්ලියේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වී තිබෙනවා. බෙලිඅත්තේ හිටපු මැරයෙකු ගේ පුතෙකු වූ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එයාගේ නෝනත් සමග අහිංසක බස් රියදුරකුට පහර දෙන හැටි අපි දැක්කා. පහුගිය ආණ්ඩු කාලයේ බොහෝ අය හැසිරුණේ ඔය විදියට තමයි. නමුත් අපි අපේ පාක්ෂිකයන්ට එවැනි තත්වයකට වැටෙන්න දෙන්නේ නෑ”.