Gossip

“උදේ වරුවේ සෙල්ෆ් රෙෆ් රැකියාවක් කළා.. හවසට කැම්පස් එකේ ඉගෙන ගත්තා” දුක මැදින් ජීවිතය ජයගත් මිනිසා

දුක දිනා ජීවිතය ජයගත් විශිෂ්ඨයන් ලෝකය තුල මෙන්ම මෙරට තුලද දැකගත හැකි වනවා.
ඒ අයුරින් අඟ හිගකම් සහිත ළමාවියකින් නැගී සිට ජීවිතය පමණක් නොව රටද ලෝකයද ජයගත් විශිෂ්ඨ ව්‍යාපාරිකයෙකු ලෙසයි ආචාර්ය රවී ලියනගේ මහතා හැදින්විය හැක්කේ.
අද වනවිට නිෂ්පාදන 80කට වැඩි ප්‍රමාණයක් සහිත රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාද රවී ලියනගේ මහතාගේ ජීවිත කතාවයි මේ.
හොරණ කනන්විල ප්‍රදේශයේ ගුරු යුවළකගේ පුත්‍රයා වූ රවී ලියනගේ සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙසයි සිය ළමා කාලය ගත කර තිබුණේ.
සිය පුත්‍රයා ඉංජිනේරුවෙකු කිරීමේ සිහිනයකින් පෙලුනු රවී මහතාගේ පියා සිය දිවියෙන් හදිසියේම සමුගෙන තිබුණේ රවී ලියනගේ මහතා සරසවියට පිවිසි පළමු වසරේදී.
පියාගේ වියෝවෙන් පසු සිය වැඩිමල් සහ බාල සොහොයුරිය වෙනුවෙන් සංචාරක අලෙවි කරුවෙකු ලෙස මෙම විශිෂ්ඨ මිනිසා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබුණා.
උදෑසනින්ම සිය කටුක රැකියාවට ගිය ඔහු පස්වරුවේදී සරසවියට ගොස් අධ්‍යාපන කටයුතු සිදුකර තිබුණා.
සිය මව විසින් සෝයාමීට් පිසීමේ නිරත වන අවස්ථාවක එම නිෂ්පාදනවල තත්ත්වය පහළ බව හදුනාගත් රවී ජයවර්ධන මහතා ස්වභාවික රසකාරක යොදාගනිමින් සොයාමීට් පිස තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි රයිගම් නමින් නිෂ්පාදනයන් එළිදැක්වීම ආරම්භ වී තිබෙන්නේ.
ඇදවැටීම් සහ බාධාවන් මැදින් පෙරට ගිය ඔහු 2000 වසර වනවිට මෙරට වෙළදපලේ ප්‍රමුඛ නාමයක් බවට සිය ව්‍යාපාරය පත්කර තිබුණා.
දැනට ලංකාවේ දැවැන්තම ලුණුලේවාය පහක හිමිකාරිත්වය දරණ මොහු පුත්තලම ලුනු නිෂ්පාදනයේ ප්‍රධානතම කොටස්කාරුවාද වනවා.
ඒ අනුව ජංගම අලෙවිකරුවෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු අද වනවිට රටවල්ල 15 කට වැඩි ප්‍රමාණයකට අපනයන සිදුකරන දැවැන්ත අපනයනකරුවෙකු ලෙසටයි පත්ව සිටින්නේ.
එමෙන්නම තම ළමා කාලයේදී ගැහැට අමතක නොකරමින් දරුවන් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් ලබාදෙන අතර ආගමික කටයුතු වෙනුවෙන්ද තම ධනය පරිත්‍යාග කරනවා.
ගැටලු හේතුවෙන් ඇද නොවැටෙමින් ලෝකය ජයගත හැකි බව සහතික කරමින් මෙරට කලාකරුවන් අගයමින් රයිගම් ටෙලි සම්මාන උළෙලද පවත්වන්නේ එය තමන්ගේ යුතුකමක් ලෙස සමාජයට දායාද කරමිනුයි.
දුක දිනා ජයගත් ව්‍යාපාරිකයන් අතර රවී ජයවර්ධන මහතා පෙරමුණේ පසුවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!