Gossip

“ඉස්සර අහස යට ඉඳගෙන තරු ගැන්න.. පුංචිම දෝණි මහ එකියකි දුර ඉන්න..ඩිංගක් ඇවිත් මා අසලින් ඉඳගන්න..අම්මට පුළුවන්ද හවසක මෙහි එන්න”

විවාහය කියන්නේ ජීවිතේ අමතක නොවන වැදගත්ම දෙයක්.
තරුණියක් අම්මගේ සෙවනේ හැදීවැඩිලා වෙනත් ගෙදරකට අලුත් පරිසරයකට යන මේ දවස සතුට වගේම කඳුලත් මුසුවුණු දවසක්.
ඒකට හේතුව තමන්ගේ අම්මගෙන් ඈත්වෙලා ජීවිතේ වගකීම් ගොඩක් එක්ක වෙනස්ම ජීවිතේකට පියමනින නිසා.
ඉතිං ඒ විදිහට තරුණියක් විවාහ වෙලා ගියාට පස්සේ අම්මාට ලියූ අදහසක් දැක්වෙන අපූරු සටහනක් අපිට හමුවුණා.

එම සටහන පහතින්…

විවාහයෙන් පසුව අම්මාට ලියම්….

ඉස්සර අහස යට ඉඳගෙන තරු ගැන්න
පුංචිම දෝණි මහ එකියකි දුර ඉන්න
ඩිංගක් ඇවිත් මා අසලින් ඉඳගන්න
අම්මට පුළුවන්ද හවසක මෙහි එන්න

කොච්චර කොහොම ගත කෙරුවත් දවසපුරා
අම්මට ගෙදර ඇවිදින් තතු කියන යුරා
විස්තර වරුණ වෙස් ගෙන සිත් විලස ගිරා
දැන් අද රකිමි නිහඬව යස අයස දරා

වැස්සට ගුලිව ඇති තරමට නිදියන්න
කැස්සට දෙකට සමහන් උගුරක් දෙන්න
දැන් ඇති පුතේ මට පුළුවන්, උඹ යන්න
නුහුරක් නුඹේ සෙවනැලි නැති මඟ ගන්න

ලෙන්ගතුකමින් ගෙවනෙමු දින සති නිතර
හරි සුන්දරයි, නැහැ සුසුමන් අපි අතර
කෙතරම් සතුට පිරුණත් අඩුවකි ගෙදර
සිතිවිලි අවසනක නුඹ ලඟ වෙයි නතර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!