Gossip News

ඇල්ලේ ගින්න පැතිරෙයි..රක්ෂිතයේ අක්කර 30ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වෙලා..

ඇල්ල, රොක් රක්ෂිත ප්‍රදේශයේ හටගෙන ඇති ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. එල් උදය කුමාර මහතා පැවසුවේ මේ වනවිට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ සහය හිමිව ඇති බවයි.

ඊයේ පස්වරු 4.00ට පමණ ඇල්ල රොක් ප්‍රදේශයේ හදිසි ගින්නක් හට ගත් අතර ඇල්ල පොලීසිය, ආපදා කළමනාකරණ ඒකකය, වනජීවි දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් මේ වනවිටත් ගින්න පැතිර යමින් පවතින අතර ඊයේ දිනය වනවිට රක්ෂිත භූමියේ අක්කර 20 ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබු බව පොලීසිය පැවසුවා.

මේ අතර මොණරාගල මරගල කන්ද රක්ෂිත ප්‍රදේශයේද ඊයේ පසව්රුවේ ගින්නක් හටගත් අතර පොලිසිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ යුධ හමුදාව එක්ව ගින්න මැඩ පවත්වා තිබුණ අතර මේ වන විට ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 පමණ භූමි ප්‍රදේශයක් විනාශයට පත් ව ඇති බවයි වාර්තා වෙයි.

මේ අතර මෙලෙස සිදුවන වන විනාශයන් කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව පරිසරයට දැඩි බලපෑමක් වන බව පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!