Gossip

“ඇයත් මවකි දරු සුරතල් විදිනා. අස්ථිර ලොව ස්ථීර එකම ‌දෙය අම්මා‌ගේ ආදරයයි” – Photos

අන්තර්ජාලය පුරා පසුගිය දවස්වල හුවමාරු වුණු මේ ඡායාරූපය ඔබත් දකින්න ඇති..
අම්මාගේ ආදරය විදාහා පාන ඒ ඡායාරූපය ගැනයි මේ සටහන..

දෝණී.. ඔන්න අම්මා ඇස් දෙක වහගන්වා දොණි හැංගෙන්න.. අම්මා ඇවිත් හොයනවා….. එකායි… දෙකායි… තුනායි… ඔන්න අම්මා එනවා…. කොහෙද මගේ දෝණි හැංගුනේ…. ආ… මේ ඉන්නේ මගේ කෙල්ල ….
හි හි හි…. මට කුති අම්මි…… නවත්තන්නකෝ.. .

ලෝකයේ ඇති උතුම්ම පදවිය තමයි මව් පදවිය. කොතෙකුත් වේදනාවල් විද දරාගනද මවක් තම දරුවාව මේ ලෝකයට බිහිකරන්නේ.
ඒ වගේම ඒ දරුවාව උස්මහත් කරන්න කොතෙකුත් කම්කටුළු වලට ඇය මුහණ දෙනවාද? ඇය තමන් සතු සියල්ල දරැවන් වෙනුවෙන් කැපකරන්නේ අසීමිත වූ ආදරය පෙරදැරි කරගනයි. කෙදිනකවත් ඇය තමන් විදින වේදනාවල් තම දරැවාට දැනෙන්න ඉඩ අරින්නේ නැහැ.ඇයට අවශ්‍ය ඇයට හැකි උපරිමෙන් තම දරුවාට අඩුවක් නොකර සලකන්න.
ඇයට හොද මවක් වීමට මිල මුදල් අවශ්‍ය නැත.
තම දරැවාව සතුටු කරන්න මිල අධික සෙල්ලම් බඩු අවශ්‍ය නැත. උපන්දිනවලට ලොකු උත්සව, තෑගි ලෙස යාන වාහන,ජංගම දුරකථන දෙන්නය ඇයට හැකියාව නැත.
ඇයට තම දරුවාව සතුටු කරන්න ඒ දේවල් ඇත්තටම අවශ්‍යද නැත. ඇය එදා වේල හම්බකරගන්නේද සෑහෙන්න වෙහෙසක් දරාගනයි.
ඇය මුළු ලෝකයටම ආදර්ශයක්. තම දරුවාට අඩම්බරයක්. ශරීරය අවලස්සන වෙයි කියා එරෙන කිරිටික තම දරුවාට නොදෙන කාන්තාවන්ට, දරු‍වෙකු බඩට ආ විට අමු අමුවේ ගබ්සා කරන කාන්තාවන්ට,දරැවා ලැබෙනු පසු තැන තැන දමා යන කාන්තාවන්ට ඇය ආදර්ශයක්.
ඔවුන් ලැජ්ජා විය යුතුයි තමන් ගැන. ඇයට කිසි දෙයක් නැත. ඒත් ඇය තම දරැවාව බලාගන්න වගකීම පැහැර හරින්නේ නැත. පොෂ් මමීලට මෙවැනි කැප කිරීමක් තම දරැවා වෙනුවෙන් කරන්න හැකිද කියා හිතා බලන්න.
දරුවාට අවශ්‍ය වන්නේ ද්‍රව්‍යම ආදරයක් නොවේ.ස්වාභාවික මව් සෙනෙහස දරැවාට ලැබෙන්නට ඉඩ හැරිය යුතුයි.
ඇය බොහො විට අධ්‍යාපනයක් නැති අයෙකු විය හැක. ඒත් ඇය හැමොටම වටිනා පාඩමක් කියාදෙන්නේ හරිම අපූර්ව ආකාර්යෙනි.
ඇය දකින විට මතක්වන්නේ විශාරද නන්දා මාලනියන්ගේ අම්මාවරැනේ ගීතයයි. සෝමවීර සේනානායකයන් මෙම ගීතය රචනා කරන්න ඇත්තේ මෙවන් මව්වරුන්ට උපහාරයක්ම වන්නටය.

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා…

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා…

අම්මාවරුනේ… අම්මාවරුනේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!