Gossip

ඇඳල බලලා ඇඳුම් ගැනීමේ තහනමෙන් කාන්තාවන් අසීරුවට

රෙදිපිළි සාප්පුවලදී ඇඳුම් ඇඳ බලා මිලදී ගැනීම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තහනම් කිරීම නිසා පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්වන බව වෙළෙඳසල් හිමියෝ පවසති.

ඇඳුම් ඇඳ බැලීම තහනම් කිරීම මෙන්ම ඇඳුම් නැවැත මාරු නොකිරීමේ දැඩි ප්‍රතිපත්තියක තිබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වෙයි. එහෙත් කාන්තාවන් ඇඳුම් ඇඳ බැලීමෙන් පසු මිලදී ගැනීම සුලබ සිද්ධියක් බැවින් ඔවුන් මින් දැඩි අසීරුතාවට පත් වන බව වෙළෙඳසල් හිමියෝ පවසති.

රෙදිපිළි සාප්පුවලදී මීටරයේ පරතරයකින්ද සිටිය යුතු වෙයි. ස්වයං සේවා සාප්පු සවාරි සහ සම්බන්ධතා නොවන ගෙවීම් නිර්දේශ කර පෝලිම්වල සිටීමේ කාලයද අඩු කර ගත යුතු බව සෞඛ්‍ය නිර්දේශවල සඳහන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!