Gossip

ඇත්තටම කිව්වොත් ලිපි ගනුදෙනු කළ අවසාන සමය ඒ කාලය වෙන්න ඇති. ප්‍රේමය හිතට දැනුණාම කවි ගී ලිව්ව, ඒවා හුවමාරු කර ගත්ත අවසාන කාලය අපේ සරසවි කාලය වෙන්න ඕනෑ – ශෂිකා නිසංසලා

පේරාදෙණිය කැම්පස් එක අලලා ආදර ගීත බොහොමයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒත් අපේ කැලණිය කැම්පස් එකේ ආදරය සම්බන්ධව ලියැවුණු ගීත අඩුයි. ඒ අතින් බලද්දි ” සොඳුරු සරසවි බිමේ ඉපදුණ සසර හුරු වූ ප්‍රේමයත්..” මේ ගීතය විශේෂ ගීතයක්. ශකුවි අයියාත්, රෝහණ ධර්මකීර්ති අයියත් මමත්, කැලණිය සරසවියෙන් පිට වූ අය. ඒක එක් විශේෂත්වයක්. ඒ වගේම මේක ආදර ගීතයක්. මේක ගයන්න මට ඇරයුම් කළ එකට මුලින්ම ස්තූතිය පුදන්න ඕනෑ.කැම්පස් එකෙන් ඉගෙන ගෙන පිටව ගිය අය වගේම වත්මනෙහි ඉගෙන ගන්න අයටත් අනාගතයේ මෙතැනට එන අයටත් මේ ගීතය සොඳුරු ආමන්ත්‍රණයක් වේවි.එහෙම කියන ඔබට කැලණි සරසවි බිම සදා සොඳුරු මතකයක් එක් කළ ස්ථානයක්… ඒ ප්‍රේමණීය අතීතය සිහි ගන්වමු…සරසවි ජීවිතය ගැන මතක් කරද්දි හරි සුන්දර මතක ගොන්නක් තියෙනවා. අපේ ගුරුවරු අපේ සමකාලීනයින් මිතුරු ඇසුරේ සිටි අය මේ ඔක්කොම එක්ක ඇති වූ බැඳීම ගරුත්වය හැමදාටම තියේවි. ලංකාව පුරාම විසිරී තිබෙන පාසල්වලින් සරසවි බිමට පැමිණ ඇති වූ මිත්‍රත්වය අදටත් අපි අතර තියෙනවා. මම සරසවියෙන් පිට වුණේ 2006 වසරේ. ඒත් එදා වගේම අදත් අපි අතර ඒ බැඳීම තියෙනවා. සමහර යාළුකම් සහෝදර බැඳීමක් හා සමානයි. අපි නිතර හමු නොවුණත් ඉඳ හිටලා දුරකථනයෙන් හරි කතා කරන තරමට අපි බැඳිලා. ඒ අතර සුවිශේෂී වූ මිතුරන් ද සිටිනවා. ගොඩක් වටිනා ගුරුවරු අදටත් මට හමු වෙනවා. ආපහු කැම්පස් එකට ගියාම අතීතය මතක් වෙන්නේ නිරායාසයෙන්මයි. ශකුවි අයියා ලියලා තියෙන ගීතයේ තෙල් බැම්ම, අරලිය ගස්, ඇහැළ ගස් දෙපස, ඒවා ඇත්තටම සුන්දර මතකයට මාව රැගෙන යනවා. මේ ගීතය ගයද්දි මට ඒ සියල්ල සිහි ගැන්වුණා. එක බත් එක වට කරගෙන කාපු හැටි, සමහර වෙලාවට වැඩ කරන්න ගිහින් මිතුරන් වූ අපි රණ්ඩු කරගත් හැටි මේ වගේ මතක නම් බොහෝයි.සුරංග මට මගේ සැමියා වීම එකාතකට පෙරභවයේ බැඳීමක් කියලයි මට හිතෙන්නේ. සමහර විට අපේ යාළුවොත් එහෙම වෙන්න ඇති.

සුරංග ආදරය ඔබෙන් පතන වෙලාවේ තවත් අයගේ ආරාධනා ලැබෙන්න ඇති…
ඇත්තම කිව්වොත් ඒ වන විට ගීත තුනක් විතර මම ගයලා තිබුණෙ. ඒනිසා සමහර අය ඒ ගැන දැන සිටියා. ආදරය ඉල්ලලා ආරාධනා ලැබුණාම සමහර අවස්ථාවල ඒවායින් ගැලවෙන්න ඕනෑ නිසා මම බොරුත් ගොතලා තියෙනවා. ආදරය නැතත් සමහරු සුහදව කතා කළා. සමහර අයගෙන් ගැළවෙන්න බැරි වුණාම මට පෙම්වතෙක් ඉන්නවා කියලා මම කිව්වා. එහෙනං ඔයා පත්තරේට බොරු ද කියලා තිබුණෙ. ඔයා කියලා තිබුණනෙ ඔයාට පෙම්වතෙක් නෑ කියලා. ඒ විදියටත් මට පෙම් කළ අය කිව්වා. ඒ විදියට සංකීර්ණ අවස්ථාවලටත් මුහුණ දීලා තියෙනවා. මම කැම්පස් එකකට ගිය කාලයේදීම වගේ මුණගැහුණු අයියා කෙනෙක් තමයි සුරංග. හැබැයි අපි දැන හඳුනාගෙන වසර එකහමාරකට වැඩි හිතවත්කමක් තිබුණෙ. පසුව ඉබේම වගේ තමයි ආදරයකට පෙරළුණේ. ඉතින් කොහොම හරි මට ප්‍රේම කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා. ඒත් ඇත්තටම ඒ වනවිට සුරංග මට ආදරය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. ඒ වනවිට මම ටිකක් විතර ජනප්‍රිය වෙලා හිටපු නිසා ඔක්කොමලා දැන ගත්තා.

එදා ඒ ප්‍රේමණීය මතකයට සාපේක්ෂව මේ ගීතයේ ඔබට මතක අවදි වූ තැන් මොනවද?
තෙල් බැම්ම, තල් වැට, අරලිය ගස්, ඇසළ ගස් ඒ වගේ සොඳුරු තැන් අපි ආ ගිය කතා බහ කළ තැන්. ඒවා ගැන මතකය සිහි ගැන්වුණා.

එදා ලියුම් එහෙමත් හුවමාරු කරගන්න ඇති?
ඇත්තටම කිව්වොත් ලිපි ගනුදෙනු කළ අවසාන සමය ඒ කාලය වෙන්න ඇති. ප්‍රේමය හිතට දැනුණාම කවි ගී ලිව්ව, ඒවා හුවමාරු කර ගත්ත අවසාන කාලය අපේ සරසවි කාලය වෙන්න ඕනෑ. මොකද ඒත් එක්කම ජංගම දුරකථනය ආ නිසා කෙටි පණිවුඩ යන තත්ත්වයට පත් වෙලා තිබුණෙ. ඒ අතින් බැලූවාමත් අපේ ප්‍රේමය එදා ප්‍රකාශ වූ විදිය ඇත්තටම සොඳුරු මතකයක්.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!