Gossip

ආදරය වැඩි නිසා දියණිය මරා තවමත් මැරි මැරී ඉපදෙන අම්මාගේ, හදවත් කඳුලින් පිරවූ සංවේදී කතාව

“දුවේ නුඹ මගෙ ප‍්‍රාණයයි’’ මට එහෙම හිතුන වාර අනන්තයි අප‍්‍රමාණයි. ඒත් මම දැන් ඔහොම නෙමෙයි කොහොම කිව්වත් උඹට ඒක විශ්වාස කරන්න බැරි විත්තිය මං හොඳටම දන්නවා මගේ රත්තරන් දුවේ. ඒ ඔයාගේ

වැරැද්දක් නිසා නෙමෙයි. මේ ලෝකෙට ඔයාව බිහිකරපු කෝවිල්ලමුල්ලේ ගෙදර ලෝරි නෝනා කියන මේ පව්කාර අම්මගෙ වැරැද්ද නිසා.

මම හැදුණේ වැඩුණේ ගම්පොල ඩාටිරවත්තෙ. මගේ මතකයේ හැටියට මීට වසර හතළිස් හයකට විතර ඉස්සෙල්ල තමයි මම නමවත් කියන්න කැමති නැති උඹට තාත්තා වෙච්ච කෙනා නිසා උඹ මගේ බඩට ආවේ.

දස මාසයක් බඬේ තියාගෙන ඉඳලා විශාල බලාපොරොත්තු ගොන්නක් හිතේ තදකරගෙන මං උඹව මේ ලෝකෙට බිහි කළාට උඹෙත් මගෙත් විශාල අකුසල කර්මයක් පලදීල උඹ ආබාධිත දරුවෙක් වුණා. මගේ දැනීමේ හැටියට මගේ දුවට මේරි නෝනා කියල නමක් තිබ්බට අවාසනාවට තාත්ත වෙච්ච ඒ මනුස්සය උන්දැගෙ වාසගම උඹට දුන්නෙ නෑ මයෙ දුවේ. අන්න ඒ නිසයි මගේ අහිංසකී කෝවිල්ල මුල්ලේගෙදර මේරි නෝනා වුණේ.

ඔය විදියට මං මගේ නමදාල උඹට උප්පැන්න සහතිකයක් අරන් තිබ්බා මිසක් නොදෙන නමක් ගන්න හක්කි අල්ලන්න ගියේ නෑ. හි`ගන්නියක් වගේ හිනාවෙන මගේ දුව මට මැණිකක් වුණා හරියට අර උණහපු`ඵවට උගේ පැටියා මැණිකක් කියන්න වගේ.

දවසින් දවස දුව උස්මහත් වෙනකොට මා දිහා බලල හිනා වෙනකොට මගේ හිතේ තිබුණ හැම දුකක්ම නිවිල ගියේ. මට රටක් රාජ්‍යයක් උරුම වුණා වගේ.

ඒත් අවුරුදු විසිදෙකක් තරම් බොහොම තරුණ වයසේදී විශේෂ අවශ්‍යතා සහිත මගේ දුවත් එක්ක තනිවුණු මට සියලූ බර කරට ගන්න සිද්ධ වුණේ මම කවදාවත් නොහිතපු විදියට. නමුත් කාලයත් එක්ක මම ඒ හැම දේකටම හුරුවුණා. මේ විදියට අසරණ වෙච්ච මට හැමදාමත් උදව්වට හිටියේ මගේ සහෝදරයෙකුත් ගමේ අසල්වාසීනුත් විතරයි.

මොනතරම් අඩුපාඩු මැද දුක් වින්දත් මේ පැල්කොටේ ඇතුළට වෙලා වේලක් හැර වේලක් හරි කන්න දීල උස්මහත් කර ගන්න උත්සාහ කරා මිසක් මම කවදාවත් උඹව කුණුගොඩක, වැසිකිළි වළක දාලා, මහ පාරේ අතරමං කරන්න තුන් හිතකින්වත් හිතුවේ, ප‍්‍රාර්ථනා කළේ නෑ.

මගෙ දුවගේ පෝෂණය වෙනුවෙන් කිරිපිටි වර්ග ගුණදායක රස මසවු`ඵ දෙන්න මට වත්කමක් නොතිබුණ එක ඇත්ත. එහෙමයි කියල මම ඔයාව කවදාවත් බඩගින්නේ තිබ්බෙ නෑ. සමහර දවසට මං තුන්වේලම ලූණු කැඳ බොන්නත් ඇති ඔයාව ජීවත් කරවන්න.

අපේ ගම්වල වෙනත් කාන්තාවෝ වගේ කුලියක් මලියක් කරල මේ ගෙවපු ජීවිතෙට වඩා දශමෙකින් දෙකකින් හරි ඉහළ සැපවත් ජීවිතයක් ගත කරන්න මම කවදාවත් උත්සාහ කළේ හිතුවේ නැත්තෙ ඔයාව මේපැල් කොටේ ඇතුලෙ තනි කරල දාල ගිහින් මම ලබන ආදායමෙන් කිසිම වැඩක් නැහැයි කියල මමම තීරණය කරගෙන හිටපු හින්ද.

ලූණුයි බතුයි කාල හරි අපි දෙන්න හැම දවසකම හැම වෙලාවකම එකට හිටියා. ඔයාට මාවත් මට ඔයාවත් නැතුව ජීවත් වෙන්න බැරි වුණා.

උදාවෙන හැම දවසකම ගෙවෙන තත්පරයක් ගානේ මම හිතුවේ මගේ දුව ගැන. දවස පටන් ගන්නවත් එක්කම මම ඔයාගේ සියලූ ඕනෑ එපාකම් එදා ඉඳල මේ වෙනකම් ඉටුකළේ දේව කාරියක් වගේ. මේ ලෝකෙට දරුවෙක් බිහි කරපු වෙනත් අම්මලාට තමන්ගේ දරුවගෙ කැත කුණු අත ගාන්න වෙන්නෙ නාවන්න කවන්න පොවන්න සිද්ධ වෙන්නෙ සීමිත කාලයක් වුණාට මේරි නෝනගෙ අම්මට ගත වෙච්ච අවුරුදු හතළිස්පහක කාලය තුළම ඒ හැම දෙයක්ම ඒ විදියට කරන්න සිද්ධ වුණා.

ඒත් මගේ දුවේ කවදාවත් මම ඒ කිසිම දෙයක් කරදරයක් විදියට සැලකුවේ නෑ. එහෙම කළානම් මව ඔයා රැකගෙන ආරක්‍ෂා කරගෙන මෙච්චර කල් මේවිදියට දුක් විඳින්නෙත් නෑ. මට මේ ලෝකෙ තියෙන එකම සම්පත වස්තුව ඔයා කියල මගේ හදවතේ ගැඹුරුම තැනට කාවැදිල තිබුණා. ඔයාගේ සියලූ ඕනෑ එපාකම් මගේ අත් දෙකෙන්ම මම ඔය විදියට කළේ ඒක මගේ යුතුකමක් වගකීමක් කියන එක අවබෝධ කරගෙන හරිම කැමැත්තෙන්. ඇත්තම කියනවනම් මේ වෙද්දි මම ජීවත් වුණේ මම නිසා නෙවෙයි ඔයා නිසා.

සාමාන්‍යයෙන් ඕනම දරුවෙකුගේ හුරතල් වයස පහුවෙලා ඒ දරුවො කාලෙත් එක්ක සමාජය හා ගැටෙන්න වෙන්නෙ ස්වභාවයෙන්ම වුණාට මගේ මේරි නෝනට ඒ වාසනාව තිබුණේ නෑ. උපන්දා ඉඳල අවුරුදු හතලිස් පහක් ගතවෙනකම් ඔයා පුංචි දරුවෙක් වගේ අතගගා මම හුරතල් කළා. මං එහෙම නොකළනම් ඔයාට හිටියේ කවුද මගේ දුවේ.

කාලය වේගයෙන් ගමන් කරනවා. අපි දවසින් දවස වයසට යනවා. මගේ වයස දැන් අවුරුදු හැටහතක්. මේ ගෙවෙන්නෙ බණක් භාවනාවක් කරගෙන විවේකයෙන් ජීවත්වෙන්න ඕන කාලේ වුණාට මට ඒකට ඉඩක් නෑ. මම මගේ බඩින් වදාපු එකම දෝණියැන්දව රක්‍ෂා කරන්න ඕන.

එන්න එන්නම මගේ ගතේ ශක්තියත් හිතේ ශක්තියත් නැති වෙද්දි මට වෙනද වගේ දුවත් එක්ක ඔට්ටු වෙන්න බැරි වෙනවා. ඔන්න ඔය අතරේ තමයි මම නැති දවසක මේ කෙල්ලට යන කල දවස මොකද්ද කියන එක මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තේ. ඉපදුන දවසේ ඉඳලා අවුරුදු හතළිස් පහක් පණ වගේ ආදරය කරමින් හදාවඩා ගත්තු මගේ කෙල්ලට මගෙන් පස්සෙ හව්හරණක් නෑ නේද කියන එක හිතට එද්දි ඇත්තටම කියනවානම් මම පණ පිටින් පිච්චෙනව වගෙයි මට දැනුණේ.

දවසේ පැය විසිහතරෙම මේ ප‍්‍රශ්නෙට උත්තරයක් හොයන්න මම කාලෙක ඉඳලා උත්සාහ කරත් මගේ හිතට සැනසීමක් ලැබෙන උත්තරයක් මෙතෙක් මට හමුවුණේ නෑ. මේ විදියට කියන්න බැරි තරම් අසහනයකින් පීඩාවකින් කාලේ ගත කරපු මම අවසානයේ මගේ දැනීමේ හැටියට මේ ප‍්‍රශ්නෙට උත්තරයක් හොයා ගත්තා.

ඒ උත්තරයට අනුව මේ ලෝකෙට බිහි කරල ලේ කිරි කරල පොවල අවුරුදු හතළිස් පහක් ආදරෙන් රැුකබලා ගත්තු මගේ එකම දියණියට මේ ලෝකෙ කිසි කෙනෙකුගෙන් අසාධාරණයක් නොවෙන්න නම් ඇයත් මමත් එකම දවසේ මෙලොවින් සමුගත යුතුයි කියල මම තීරණය කළා.

කාලයක් තිස්සේ හිතේ කැකෑරෙමින් තිබුණ මේ පීඩනය පසුගිය 18 දා හදිසියේම මා කෙරෙන් ඉවත් වුණේ මිදුලේ තිබුණ උදඵ මිටේ ආධාරයෙන් මගේ ආදරණීය දියණියට තිබූ ආදරය වැඩි නිසාම පහරදී ඇයව ඝාතනය කිරීමෙන්. ගතින් වියපත්ව සිටියත් සිතින් යක්‍ෂාවේශව සිටි මගේ ඊළඟ බලාපොරොත්තුව අප ජීවත් වූ පැලට ගිනි තබා දෙදෙනාම ඒ තුළ අලූවී යෑම වුවත් මා බලාපොරොත්තු වූ ගින්න ඒ ආකාරයෙන් දැල්වීමට මා අසමත් වූණා.

නිවසේ තිබූ සුන්බුන් දමා පළමු දියණියගේ සිරුර පිළිස්සීමට ගත් උත්සාහයද අසාර්ථක වූ තැන ඉන් එහාට මා කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට නොහැකි උමතුවකින් මා පෙළෙන්නට වූයෙන් දියණියගේ මළ සිරුර බිම දිගා කර හිස අද්දරත් පා අද්දරත් පහන් දෙකක් දල්වා මමද ඇය අසලට වී රැුය පහන් කළේ මළ ගැහැනියක් ලෙසය.

පසුදින එනම් 19 දා අසල්වැසි නිවසක අයෙක් මට කතා කළෙන් මා එහි ගොස් දියණිය ඊයේ මියගිය බව පැවසීමෙන් ගම්මුන් පැමිණ ග‍්‍රාම නිලධාරි මගින් පොලිසියට දන්වා පරීක්‍ෂණ සිදුකළෙන් එම ඝාතනය සැබැවින්ම සිදුකළ මා අත්අඩංගුවට පත්වුණා.

එලෙස අත්අඩංගුවට පත්වූ මා සමහර විට ආදරය වැඩිකමට දරුවකු මැරූ එකම මවද වීමට හැකිය. ආදරය නිසාම උඹේ ජීවිතය උදුරාගත් මේ පව්කාර අම්මා ඒ ගැන උඹෙන් කිසි දිනක සමාව නොඉල්ලන අතර නුඹ නිමේෂයකින් ළං කරගත් මරණය ළං කර ගත නොහැකිව දහස්වර මැරි මැරී උපදිමි. ඒ අතර වාරයේ මට හිමි නොවන නිවන්සුව මම නුඹට මු`ඵ හදින් ප‍්‍රාර්ථනා කරමි. මා මෙලොව ජීවත්වන තුරා දුවේ නුඹ මගෙ ප‍්‍රාණයයි.

උපුටා ගැනීම – ධම්මික හේවාවසම්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!