Gossip

අ⁣යියේ මම ගිහින් එන්නම් පුරුද්දට උඹ මුමුණනකොට, කියාපන් වාවන්නේ කොහොමද හිතක් බං තියෙන්නේ මට

දියණියක් විවාහ කරලා දෙනවා කියන්නේ අම්මා කෙනෙකුගේ වගේම තාත්තා කෙනෙකුගේ ලොකු හීනයක්.

ඒ දවසට තමන්ගේ දියණිය වෙනත් ගෙදරකට බාරදෙන්නේ සතුට ඇතුලේ සැඟවුණු දුකකුත් හිතේ තියාගෙන.

ඒ වගේම සහෝදරයෙක්ට වුණත් තමන්ගේ සහෝදරිය නිවසින් ඈත්වීම ගැන හිතේ ලොකු දුකක් තියෙනවා.

තමන්ගේ සහෝදරිය විවාහ වෙලා පිටව යන මොහොතක් ගැන ලියැවුණු අපූරු අදහසක් අපිට මුහුණු පොතෙන් ලැබුණා.

වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙස් මේ විදිහට ඒ සටහන ඔබට අප ගෙනආවා.

නංගියේ උඹ … ලස්සනයි අද
මනමාලියෙක් වෙලා
දුරක ඉඳන් මම උන්නා
උඹ දිහාම බල බලා
නොපෙන්නුව ආදරේ
හදවතින්ම පුද කලා
ඒත් …. අද උඹ යන්නම යනවා
කවමදාවත් නැති තරම් ඇස්
කඳුළු හලා …….

අ⁣යියේ මම ගිහින් එන්නම්
පුරුද්දට උඹ මුමුණනකොට
කියාපන් වාවන්නේ කොහොමද
හිතක් බං තියෙන්නේ මට
කකියනකොට සහෝදර කම
පුරා මිඳුළු ඇට
යවන්නේ කොහොම උඹ
මේ අයියා දුර රටකට …….

වැලි සෙල්ලම් බත් ඉව්වේ
නෑ තමයි අපි දෙන්නා
ඒත් නංගියෙ උඹ මගේ හිතේ
ගොඩක් ලොකු තැනක උන්නා
මුවට සිනහවක් නැගුවත්
ආයාසයෙන් කඳුළු පන්නා
මටත් නොදැනිම නෙත් ඉව්රු බිඳ
කඳුළු වැස්සක් බිමට පැන්නා ……

පුංචි කටුමැටි බිත්ති පුරවා
උඹ ඇන්ඳ සිතුවමුත් මකලා
යන්න යනකොට පුරුද්දට වගේ
අයියේ මම දැන් යනවා කියලා
ඈත ඉඳගෙන කඳුළු සලනා
අපේ දුප්පත් අම්මා දැකලා
ඉතින් මම තව ඇයිද ඉන්නේ
නොපෙන්නුව ආදරේ රැකලා …….

වඳිනකොට උඹ කකුල් අල්ලා
මගෙ හිතත් කුඩු වෙලා වැටුනා
ඉර මුදුන් වී තිබු නමුත් මට
මුළු ලොවම අඳුරුයිනෙ පෙනුනා
රන්ඩු කරගෙන යාළු උන උඹෙ
ටිකිරි බස් ඈතින්ම ඇසුනා
සත්තකයි මගෙ නංගියේ අද
හදවතම හත් කඩට පැළුනා ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!