Gossip

අසභ්‍ය ඡායාරූප ප‍්‍රදර්ශනය කළ තරුණයා අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය ඡායාරූප ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (01) අදාළ සැකකරු අත්අඩංගුවටගත් බව පරසන්ගස්වැව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්බිරිගස්වැව, පරසන්ගස්වැව, අනුරාධපුර ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ඊයේ (02) අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!