Gossip

අවුරුදු 16ක් තිස්සේ ආදරයෙන් ජීවත්වූ ස්වාමියාව අතහැර බිරිඳ Facebook පෙම්වතා සොයා යයි

වසර 16ක් තම ස්වාමියාගේ ආදරය හමුවේ පවුල් ජීවිතය ගත කළ කාන්තාවක් සිය සැමියා අතහැර Facebook හරහා හඳුනාගත් පුද්ගලයෙකු සමග ජීවත්වීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ බෙන්තොට ප්‍රදේශයෙන්.

අදාළ පුද්ගලයා Facebook හරහා හඳුනාගෙන ඇත්තේ දින 07කට පෙරාතුවයි.

40 හැවිරිදි වියේ පසුවන එම කාන්තාවට වයස අවුරුදු 15ක් පමණ වූ වැඩිමහල් දියණියක්ද ඇතුළුව දරුවන් තිදෙනෙක් සිටිනවා.

කෙසේවෙතත් පොලිසිය තුළ සිදුකළ සාක්ෂි විභාගයේදී මෙලෙස තම සැමියා හා දරුවන් අතහැර දෙදරු පියෙකු වන Facebook හරහා හඳුනාගත් පුරුෂයා සමග ජීවත්විය යුතු බවට තීරණ කළ බව පවසා තිබෙනවා.

තම බිරිඳගේ ස්‌වභාවය දරාගත නොහැකිවූ සැමියා පොලිස්‌ ස්‌ථානය තුළ හඬාවැටෙද්දී පොලිස්‌ නිලධාරින් ඔහු ආමන්ත්‍රණය කොට කරුණු පහදාදී නිවසට පිටත්කර හැර ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!