Gossip

අවුරුදු 04කට කළින් පන්සලේදී ගෙල වැලලාගත් තරුණයාට නැවත පණ එයි

මිනුවන්ගොඩ ගණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්‌ඛාරාම විහාරස්‌ථානයේදී 2014 වර්ෂයේදී ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩ ගෙන තිබෙනවා.

ඒ, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඉකුත් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට අවසර දීමත් සමගයි.

කලාවැව වලවේගම ස්ථිර පදිංචිකරුවෙක්ව සිටි 20 හැවිරිදි මනෝඡ් මධුෂාන් ආරියදාස 2014 වර්ෂයේ මාර්තු මස 09 වැනිදා බෝධිරුක්‌ඛාරාම විහාරස්‌ථානයේ ආවාස ගෙයි ගෙල වැලලාගෙන මියගොස්‌ තිබුණා.

එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‌ෂණයක්‌ සහ පශ්චාත් මරණ පරීක්‌ෂණයක්‌ පැවැත්වීමෙන් අනතුරුව ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමක්‌ බවට තීන්දු වීමෙන් පසු මියගිය තරුණයාගේ පියා වන කේ. ඩී. ජී. ආරියදාස යන අය මෘත දේහය භාරගෙන තිබෙනවා.

එම මෘත දේහය කලාවැව, වලවේගම පැන්නුම පොදු සුසාන භූමියේ භූමදානය කර ඇති බවත් ගෙල වැලලාගෙන මියගියේ යෑයි කියන තම එකම පුතාගේ මරණය සැකසහිත බවට මරණකරුගේ පියා දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් පොලිස්‌පතිවරයාට පැමිණිලි කර ඇති බවත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති ඒ. එස්‌. කරුණාතිලක මහතා 08 වැනිදා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

මනෝඡ් මධුෂාන් ආරියදාස යන අයගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති හෙයින් එම මෘත දේහය සැප්තැම්බර් මස 04 වැනිදාට වෛද්‍ය සභාවක්‌ ඉදිරියේ ගොඩ ගැනීමටත් වෛද්‍ය සභාවක්‌ මගින් පශ්චාත් මරණ පරීක්‌ෂණයක්‌ සිදු කරන ලෙසටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මිනුවන්ගොඩ මහේස්‌ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුවට අදාළව මියගිය අයගේ මෘත දේහය ගොඩ ගැනීම සහ ඊට අදාළ වන කටයුතු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක්‌ ගැනීම කැකිරාව මාහේස්‌ත්‍රාත් අධිකරණයට පැවරීමට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරිය තීන්දු කළා.

ඔක්‌තෝබර් 31 දා නඩුව නැවත කැඳවීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!