Gossip

අවසන් පන්දුවේදී මාලිංග මුම්බායි පිළට IPL ශුරතාවය දිනාදුන් හැටි – Video & Photos

සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.
මහේල ජයවර්ධන පුහුණුකාරිත්ව දැරූ අවස්ථා 3 න් 2 කදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක්.
මෙම තරගය හයිද්‍රබාද්හිදී පැවැත්වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.
ක්වින්ටන් ඩි කොක් ලකුණු 29 ක් රැස් කළ අතර ඉශාන් කිශාන් ලකුණු 23 යි.
රෝහිත් ශර්මා සහා සූර්යකුමාර් යාදෙව් ලකුණු 15 බැගින් රැස් කළා.
හර්දික් පාන්ඩ්‍යා ලකුණු 16 ක් රැස් කළා.
නොදැවී කඩුල්ලේ රැදි සිටි කිරන් පොලාඩ් පන්දු 25කදී හතරේ පහර 3 ක් සහා හයේ පහර 3 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41 ක්.
පන්දු යැවීමේදී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත් අතර ශර්දූල් තාකූර් සහා ඉම්රාන් ටහීර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 148 ක් පමණි.
ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 26 ක් රැස් කළ අතර ශේන් වොට්සන් ලකුණු 80ක් රැස් කළා.
ඩ්වේන් බ්‍රවෝ ලකුණු 15 යි.
පන්දු යැවීමේ දී ජෙස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 2ක් බිඳ හෙළී ය.
අවසන් පන්දුවාරයේ දී චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 9ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යවනු ලැබුවේ ලසිත් මාලිංග විසින්.
අවසන් පන්දුවට චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු දෙකක් අවශ්‍ය වූ නමුත් එම පන්දුවේ දී ශර්දුල් තාකූර්ගේ කඩුල්ල දවා ගත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිව්වන වරටත් IPL ශූරතාවය හිමි කර දීමට හැකිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!