Gossip

අවසන් ගමන්ගිය තාත්තා සහ පුතා – Photos

වවුනියාව පාවක්කුලම,සූඩුවෙන්දපිලව් වැවේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද(16) උදැසන සොයාගත් බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලීසිය පවසනවා.

පොලීසිය පැවසූවේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එස්.මුස්තාපා නමැති පියෙකුගේ හා වයස අවුරුදු 15 ක් වු එම්.සයාස් නමැති දරුවෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

මියිගිය පුද්ගලයින් පියා හා පුතා වන බවද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සතුන් මැරීමට වැව් සීමාවේ ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් මරණයන් සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, පෙරියඋළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!