Gossip News

අලුත උපන් දරුවා රෝහලේ දමා අම්මා පැන යයි – විස්තරය මෙන්න

ඉකුත් මස 31 වෙනි දින උදරයේ අමාරුවක් බව පවසමින් කාන්තාවක් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි තිබෙනවා.

පසුව ඇගේ උදරයේ ස්කැන් පරික්ෂාවකට ලක් කිරිමේදි එම කාන්තාව දරු ප්‍රසුතියකට ආසන්නව සිටින බව වෛද්‍යවරුන් අනාවරණය වී තිබෙනවා.

පසුව මෙ මස පළමුවනදා සිසේරියන් සැත්කමකින් ඇගේ කුසේ සිටි සිගිත්තිය බිහි කරපු බව වෛද්‍යවරුන් පවසනවා.

බිහි වීමෙන් අනතුරුව සිගිත්තිය අයහපත් ශරිර සෞඛ්‍යයෙන් සිටි නිසා වෛද්‍යයවරුන් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේමේරු ළදරු ඒකකය වෙත ඇතුලත් කර තිබෙනවා.

පසු ඇය ඉකුත් 6 වෙනි දින බැංකුවෙන් ඉල්ලුම් කර තිබු ණය මුදලක් ගැනීමට අවශ්‍ය බව පවසා රෝහලෙන් බැහැරව යාමට අවසර ඉල්ලා රොහල් බලධාරින්ට ලිපියක් භාර දි රෝහලෙන් බැහැරව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඇය නැවතත් රෝහලට නොපැමිණිම හෙතුවෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ඒ සම්බන්දයෙන් රෝහල් පොලීසිය දැනුම්වත් කර ඇති අතර ඇය රෝහලට ඇතුලත් විමේදි ඇය විසින් ලබාදුන් ලිපිනය පිලිබඳව පොලීසිය කළ සෝදිසි කිරීමේදි අනාවරණය වී තිබෙන්නේ එම කාන්තාව කුලි පදනම මත එම නිවසේ පදිංචිව සිට පසුව එම ලිපිනය හැරගොස් ඇති බවයි.

මෙම කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙකු සිටි ඇති බව අනාවරණය වි ඇති අතර, මෙම කාන්තාව සොයා ගැනීම සඳහානාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!