Gossip

අලුත් ගීත සමගින් නන්දා මාලිනී නැවත කරළියට

ආචාර්ය නන්දා මාලිනී මහත්මිය විසින් අලුත් ගීත 6ක් නිර්මාණය කර තිබෙනවා.

ඇය එම නිර්මා සිදු කර ඇත්තේ තරුණ නිර්මාණකරුවන්ගේ දායකත්වත් සමගයි.

“කොවිඩ් කාලේ මම අලුත් සිංදු 6ක් කළා. තරුණ අයගේ නිර්මාණ. ගී පද, තනු සහ සංගීතය ජගත් රස්නායකගේ. ඒ අතර රෝහණ වීරසිංහගේ තනු නිර්මාණ දෙකකුත් තියෙනවා. ඒ වගේම දර්ශන රුවන් දිසානායකත් මේ හීත දෙකකට තනු නිර්මාණය කළා. ගීත සියල්ලගේම පද රචකයන් අලුත් අය,” ඇය පැවසුවා.

නව පරපුරේ නිර්මාණකරුවන් තාක්ෂණයත් සමග සිටින නිසා තමන් නව පරපුරේ කිපදෙනෙකු සිය නිර්මාණ සඳහා සහභාගිකර ගත් බව ඇය වැඩිදුරටත් පැවසුවා.

“අපි නිර්මාණයක් ක‍ළොත් එය එළිදක්වන්න ඕනේ CD තැටියක් එළි දක්වලා. තරුණ පරපුර නිර්මාණ කරන්නේ යුටියුබ් එකටනේ. සියලු දේ සිදු කරන්නේ ඒ අයමයි. ඒ නිසයි තරුණ පරපුර සමග මම අලුත් නිර්මාණය කිහිපයක් කරන්න හිතුවේ.”

මීට අමතරව විකාශනය වීමට නියමිත ටෙලි නාට්‍ය 5ක ඇය ගීත ගායනය කර තිබෙනවා.

මේ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කදිර දිව්‍යරාජ” සහ ” ක්ෂිර සාගරය කැළඹෙයි” යන නව චිත්‍රපට දෙකටත් ඇය සිය ගායනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

කොවිඩ් වසංගතයත් සමඟ ඇගේ සංගීත ආශ්‍රමයේ ඉගැන්වීම් කටයුතු අතපසු වු නිසා මේ වන විට එළඹෙන වසර සඳහා වයස අවුරුදු 8 සිට 15 දක්වා දරුවන්ට භාත්ඛණ්ඩේ පාඨමාලාව සඳහා ඉගැන්වීම් ආරම්භ කරන්නට තීරණය කර ඇති බවයි ඇය පැවසුවේ.

ඇය පැවසුවේ ඒ සඳහා මේ මාසේ 30ට කලින් අයදුම්පත් භාර ගන්නා බවයි.

සිය ආශ්‍රමය ආරම්භ කර 37 වසරක් පුරා ඉගැන්වීම් කටයුතු සිදුකළ බවත් දරුවන් සෞන්දර්යයෙන් ඇත්කර තැබීම ලොකු ගැටලුවක් බවත් එය මානසික පීඩනයක් බවත් ඇය පැහැදිලි කළා.

ඒකපුද්ගල ප්‍රසංගවලින්ද තමන් සමුගෙන සිටින බවද ඇය ප්‍රකාශ කළා.

“සත්‍යයේ ගීතය” “පවන” දිගටම කළේ නෑ. අන්තීමට කළේ “ශ්වේත රාත්‍රිය” අලුතින් ප්‍රසංගයක් කරන්නනම් තවම හිතලා නෑ. ගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ, ලන්ඩන්වල, නවසීලන්තයේ සංචාරයක් යන්න තිබුණා. ඩුබායි අබුඩාබි සංචාරයක් තිබුණා. ඒත් කොවිඩ් නිසා අවලංගු වුණා,” යනුවෙන්ද ඇය පැවසුවා.

(උපුටා ගැනීම – අරුණ)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!