Gossip

අලුත් අවුරුද්ද පිළිගන්න සියලු දෙනා සූදානමින්

සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීමට රටම මේ වන විට ලකලැහැස්ති වෙමින් සිටිනවා.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවීම සිදුවනවා.
අලුත් අවුරුදු උදාව අද අපරභාග 2.09ට යෙදී තිබේ.

අද(14) පූර්වභාග 7.45ට ආරම්භ වන පුණ්‍යෙ කාලය අපරභාග 8.33 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව අද පෙරවරු 7.45ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් කර තිබෙනවා.

අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව ආහාර පිසීමේ නැකත අපරභාග 2.42ට යෙදී තිබේ.

රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තිකලු මිශ්‍ර අග්ගලා සහ කැවුම් පිළියෙල කරගැනීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අපරභාග 3.54ට යෙදී තිබෙනවා.

රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!