Gossip

“අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ඇගිලිවල දියපට්ටා එනකම් අත්සන් 21,000ක් ගැහුවා” – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ආන්දෝලනාත්මක කතාව

‘‘අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනවලට මගේ අත්සන් 21,000ක් ගහන්න සිද්ධ වුණා.
සීල් එක පිළිගන්නේ නෑ කීවා. ජනතාව පිළිගනීද දන්නේ නෑ. අත්සන් 21,000ක් දවස් 3ක් තිස්සේ අත්සන් කළා. තුන්වෙනි දවසේ මගේ මේ ඇගිලිවල පෑන නිසා දියපට්ට ඇවිල්ලා. අත්සන් 21000ක් යෙදුවා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම සඳහා. ඒ විදිහේ වැඩ කොටසක් මම කළා’’ යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01දා) පොළොන්නරුවේ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවා.
එවකට අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් පත් කරපු මුල් අවස්ථාවේ ඉඳලම මම කැමති වුණේ නෑ. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙක් නිසා ඔහු පත් කරන්න මම කැමැති වුණේ නෑ. නමුත් අපි ආණ්ඩුව ඇවිල්ලා සති දෙකයි අර්ජුන මහේන්ද්‍රන් පත් කරනකොට. හිටපු අගමැතිතුමා හා මා අතරේ අලූතෙන් පත් වෙච්ච ගමන් අලූතෙන් අර්බුදයක් හදාගන්න අවශ්‍ය නැති නිසා මම අකමැත්තෙන් වුණත් මගේ දැඩි විරෝධය පළ කරලා අර්ජුන මහේන්ද්‍රන් පත් කළා, මහ බැංකු අධිපති විදිහට මගේ කිසිම කැමැත්තක් නැතුව අගමැතිවරයාගේ ඉල්ලීමට. මේ පර්යේෂණ වාර්තාව තුළ අර්ජුන මහේන්ද්‍රන් ප‍්‍රධාන චූදිතයෙක්. ඔහුව මේ රටට ගෙන්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය හා සිංගප්පූරු රජය දීර්ඝ වශයෙන් ලිපි ලේඛන ගනුදෙනු කළා.
ඒ විතරක් නෙමෙයි මම 2019 සිංගප්පූරු ගියා ජාත්‍යන්තර සමුළුවකට. ඒ අවස්ථාවේ සිංගප්පූරු අගමැතිතුමා මම පුද්ගලිකව හම්බවෙලා කිව්වා අපේ ලිපි ලේඛන හදලා එවලා තියෙනවා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට භාර දෙන්න කියලා.
ඔබ දන්නවා සිංගප්පූරු ගිවිසුමත් ඒ කාලෙ මම නැවැත්තුවා. ඒකට මම එකඟ වෙන්නේ නැති නිසා, ඒක අපේ රටට ගැළපෙන්නේ නැති නිසා මම අත්සන් කළේ නෑ. එදා අගමැතිතුමා තමයි අදත් ඉන්නේ. එතකොට මම කීවේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට එවන්න අපි සියලූ ලේඛන එවලා තියෙනවා කියලා.
මේ රටේ ජනතාවට දැනගන්න මම කියන්න ඕනෑ. අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනවලට අත්සන් 21000ක් ගහන්න වුණා මගෙ අතින්. සීල් එක පිළිගන්නෙ නෑ කීවා.
අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම අවශ්‍යයි මේ පරීක්ෂණවලට. මම විශ්වාස කරනවා වර්තමාන රජය තුළත් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට මම ගෙන ගිය වැඩ කොටස ඉදිරියට කරගෙන ගිහිල්ලා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන එයි කියලා. ඊළගට මම පත් කළ කොමිෂන් සභාව තමයි 2015 පෙර රජයේ සිදු වූ වංචා දූෂණ සෙවීම පිළිබ`ද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව, ඒ කොමිෂන් සභාවේ කටයුතුත් සාර්ථකව කෙරුණා. ඒ වාර්තාවත් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊළඟට මම පත් කළා. 2018 අවසාන කාලේ මගේ රජයේ දේශපාලනඥයින්ගේ මැති ඇමැතිවරුන්ගේ සහ නිලධාරින් කළ වංචා දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක්. ඒ කොමිෂන් සභාවෙත් කටයුතු අවසන් වෙලා මට භාර දුන්නා. මේ සියලූ කොමිෂන් සභා වාර්තා නීතිපතිතුමාට, අල්ලස් හා දූෂණ කොමිසමට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා තියෙනවා. මේ වාර්තා සියල්ලම පාර්ලිමේන්තුවේ සභා ගත කරලා තියෙනවා.
2019 දී මම පත් කළ 4 වෙනි කොමිසම තමයි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ වංචා දූෂණ හොයන්න පත් කළ කොමිසම. මේ 4 වෙනි කොමිසමේත් කටයුතු හොඳින් කෙරීගෙන ගියා. 2019 අන්තිමට තමයි එහි වාර්තාව මට ලැබුණේ. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කාලයක් තිබුණේ නෑ.
ජනාධිපතිවරණය නිසා. නමුත් මම අනිත් අයගේ දැනගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට එය ඉදිරිපත් කළා. ජනාධිපති කොමිෂන් වාර්තා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන නෑ. නමුත් මම දැන ගැනීම සඳහා ඉදිරිපත් කළා. එහි වාර්තාවත් මම නීතිපතිටත් අල්ලස් දූෂණ කොමිසමටත් යැව්වා. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කෙරුණේ නැති නිසා පාර්ලිමේන්තුවට යැව්වෙ නෑ. ඒ හතර වෙනි කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභා 4 ම සාර්ථකයි කියලා මම කියනවා. මම පත් කරපු 5 වෙනි කොමිෂන් සභාව තමයි 2019 අපේ‍්‍රල් 21 දා සිදු වූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභාව.
මම පැහැදිලිවම කියන්නට ඕන මම කොමිෂන් සභා 5ක් පත් කළා. ඒ කොමිෂන් සභාවලින් අවසන් වශයෙන් කටයුතු කරන්නේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධවයි. අනෙකුත් සියලූ කොමිෂන් සභා වාර්තා අදාළ අංශ වෙත මම යොමු කර තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර කොමිෂන් සභා නිර්දේශ අනුව, වාර්තා අනුව, සමහර අයට සමහර, දේශපාලනඥයින්ට ගෙවීම් කරන්නත් සිදුවෙලා තිබුණා. එවැනි සාර්ථකත්වයක් තිබුණා.
මම කියපු කරුණු සම්බන්ධයෙන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡුා කරන්න ලෑස්තියි. මේ කොමිෂන් 4 කට කෝටි 400 යි කියලා ඇතුළේ තියෙනවා. 2015 පෙර වංචා සොයන කොමිසමට කෝටි 400ක් වැය කරලා කියලා තියෙනවා. මේක සම්පූර්ණ අසත්‍යයක්. ඔය කියන විදිහට කෝටි 800ක් 900ක් ගිහින් තියෙනවා. එහෙම කොහෙත්ම වියදම් කරලා නෑ. වියදමක් කරලා තියෙනවා එහි සාර්ථකත්වයක් තියෙනවා.
මහ බැංකු මූල්‍ය වංචාව ගැන කොමිසමේ නිර්දේශ කරලා තියෙනවා. අඩුම වශයෙන් රුපියල් බිලියන 16 කට වැඩි වංචාවක් සිදු වෙලා තියෙනවා. ඊටත් වඩා වංචාවල් සිදුවෙලා තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තව තව පරීක්ෂණ කළ යුතුයි. ඒ අනුව තමයි ඉතිරි වංචා සිදුවුණේ කොහොමද කියලා කියන්න පුළුවන් බව ඒ වාර්තා ස`දහන් කළා. එවැනි කෝටි 800 ක් 900ක් වියදම් දරලා නෑ. පාස්කු ප‍්‍රහාරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව දෙවන අතුරු වාර්තාව දීලා තියෙනවා. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් මාසෙ දීලා තියෙනවා.’

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!