Gossip

අර්ජුනට සහ මාලිංගට එරෙහිව බරපතල ලිංගික අතවර චෝදනාවක් – Me Too සමාජ මාධ්‍ය රැල්ල කැළඹෙයි

මේ දිනවල ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ කාන්තා හිංසනය සම්බන්ධ හෙළිදරව් කිරීම් සිදුවන රැල්ලක් බිහිව පවතින අතර Me Too movement නමැති ඒ ඔස්සේ විවිධ කාන්තාවන් තමන් ජීවිතයේ මුහුණ පෑ කටුක අත්දැකීම් සටහන් තබා හුවමාරු කරගනිමින් පවතිනවා. මෙම රැල්ලට අනුව යමින්
ඇතැම් අය සත්‍ය සිද්ධීන් සටහන් තබන අතරම ඇතැම් අය ජනප්‍රිය වීමට සිතා ව්‍යාජ සිද්ධිද ප්‍රබන්ධ කර තමන්ගේ අත්දැකීම් ලෙස බෙදාහදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව යමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තමන්ට හිරිහැරයක් කළ බවට එක් කාන්තාවක සිය ෆේස් බුක් ගිණුමේ සටහන් තබා ඇති අතර තවත් කාන්තාවක් විසින් සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග තමන්ට හිරිහැර කළ බවට ට්විටර් සටහනක් තබා තිබෙනවා.

මේ සටහන් කිසිවක් ඔප්පු කළ හැකි ඒවා හෝ ඒ පිළිබඳ ඉදිරි නීති ක්‍රියාමාර්ග බලාපොරොත්තුවෙන් ඔවුන් තැබූ සටහන් නොවන අතර බැලුබැල්මට පෙනෙන්නේ ජනප්‍රිය වීමේ පටු අදහසින් තැබූ ඒවා බවයි.

කෙසේ වෙතත් ප්‍රකට ක්‍රීඩකයින් දෙදෙනකුගේ නම් සම්බන්ධව ඇති නිසා ඉන්දියානු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මෙම සටහන් පිළිබඳ ප්‍රවෘත්ති පළ කර තිබෙනවා.

මින් වසර ගණනාවකට ඉහතදී ගුවන් සේවිකාවක පිහිනුම් තටාකයක් අසළදී අතවර කිරීමට රණතුංග උත්සාහ කර ඇති බව ඇගේ ෆේස්බුක් පෝස්ටුවෙන් හෙළිදරව් කර ඇති බව ඉන්දියා ටුඩේ පුවත්පත පළ කර ඇති අතර මෙම හෙළිදරව්ව කළ කාන්තාවගේ නම ඉන්දීය මාධ්‍ය මගින් සඟවා ඇත.

ඉන්දියානු ගායිකාවක වන Chinmayi Sripaada සිය ට්විටර් ගිණුම භාවිතයෙන් ලසිත් මාලිංග අයිපීඑල් තරගාවලියක් අතරතුර තමන්ව කාමරයකට ඇදගෙන ගොස් අතවර කරන්නට උත්සහ කලායයි චෝදනාවක්ද කර තිබෙන අතර ඒ ගැන ඉන්දියා ටයිම්ස් ඇතුළ පුවත්පත් ඇය උපුටමින් වාර්තා පළ කර තිබෙනවා.

මෙම හෙළිදරව් කිරීම් වල සත්‍යඅසත්‍යතාවය ගැන මේ දක්වා වැඩිදුර සොයාබැලීම් සිදුව නැත. ඉන්දියාවේ ක්‍රියාත්මක කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම ( National Commission for Women ) දන්වා සිටින්නේ ඔවුන් ඉදිරියේදී මේවා ගැන සොයාබලන බවයි.

පහත පළවන්නේ එම සටහන් දෙකයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!