Gossip News

අයිස්ක‍්‍රීම් කම්හලක අයිස්ක‍්‍රීම් තොගයකින් කොරෝනා වෛරසය මතුවෙයි..

චීනයේ ටියන්ජින් ප‍්‍රදේශයේ අයිස්ක‍්‍රීම් කම්හලක නිපදවූ අයිස්ක‍්‍රීම් තොගයක කොරෝනා වෛරසය අන්තර්ගත බව පරීක්ෂණවලදී තහවුරු වීම හේතුවෙන් එම කම්හල විසින් වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ අයිස්ක‍්‍රීම් පෙට්ටි 2089ක් ඇතුළු කමහලේ සියලූ ආහාර නිෂ්පාදනවලට සීල් තබා ඇත. කොරෝනා වෛරසය අන්තර්ගතව ඇති අයිස්ක‍්‍රීම් පෙට්ටි 65ක් දැනටමත් ටියන්ජින් ප‍්‍රදේශයේ වෙළඳසල්වලට නිකුත් කර තිබීම හේතුවෙන් එම අයිස්ක‍්‍රීම් පෙට්ටි මිලදී ගත් අය සිටී නම් වහාම ළඟම තිබෙන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ඒ පිළිබඳව වාර්තා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ.

කොරෝනා වෛරසය ආහාර මගින් මිනිසාට ආසාදනය වන බවක් මෙතෙක් තහවුරු වී නැතත් සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගත් බව චීන සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. මේ වන විට අදාළ කම්හලේ සේවය කරන සේවකයන් 1662 දෙනා නීරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන තිබේ. මේ අතර කොරෝනා වෛරසය අන්තර්ගතව තිබූ අයිස්ක‍්‍රීම් තොගයට වෛරසය පැමිණ ඇත්තේ එම අයිස්ක‍්‍රීම් නිපදවීමට යොදාගත් නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටි හා යුක්රේනයේ නිෂ්පාදිත අමුද්‍රව්‍යයක් හේතුවෙන් බව චීන සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් නවසීලන්තයේ පළ වන ‘නිව්සීලන්ඞ් හෙරල්ඞ්’ පුවත්පත වාර්තා කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!