Gossip

අමෙරිකාවේ හිටපු ගෝඨා ලංකාවට – පිළිගන්න විශාල පිරිසක්

පසුගියදා අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.

ඒ අද පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින්.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් එම අවස්ථාවට පැමිණ තිබෙනවා. එමෙන්ම ඔහුව පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසලද විශාල ප්‍රමාණයක් රැස්ව සිටින බවට වාර්තා වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටි අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවල වැඩි අවධානයක් යොමුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!